”රන්ජන්ගේ හඩ පට ගැන හොයන්න වෙනම කොමිසමක් පත්කරනවා..”අගමැති මහින්ද

”රන්ජන්ගේ හඩ පට ගැන හොයන්න වෙනම කොමිසමක් පත්කරනවා..”අගමැති මහින්ද

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමුවකදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අධිකරණ ක්ෂේත්‍රයට අදාලව අගවිනිසුරුවරයාද මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගත යුතු බවයි
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
“”මේ තත්ත්වය අනුව අධිකරණ තීන්දු පිළිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා.
මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල බරපතළයි.
අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා.
අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා. දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා.
ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම වගේම වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට.
මගේ අමාත්‍යංශ වල මුදල් ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ. සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා.”

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!