”රන්ජන්ගේ සියලුම හඩ පට එලියට ගන්න ඕන..” JVP ඉල්ලීමක්

”රන්ජන්ගේ සියලුම හඩ පට එලියට ගන්න ඕන..” JVP ඉල්ලීමක්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිදු කරනු ලැබූ සියලු දුරකථන සංවාද රටට හෙළිදරව් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කළ විමසුමක දී මන්ත්‍රීවරයා කියා සිටියේ සියලු සංවාද හෙළිදරව්වීමෙන් සැබෑ තත්ත්වය හෙළිවනු ඇති බවයි.
ඉකුත් ආණ්ඩු සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම් පිළිබඳ දැන් හෙළිවී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයන් සමඟ සිදු කළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට එක්ලක්ෂ විසිඅටදහසක් (1,28,000) පමණ ඇති බවට අනාවරණය වී ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!