“රතු අලි පැටියාට අබ සරණයි-නාමල් පුතු මිලියන 200 වන්දියක් ඉල්ලයි”

“රතු අලි පැටියාට අබ සරණයි-නාමල් පුතු මිලියන 200 වන්දියක් ඉල්ලයි”

Spread the love
  •  
  •  
  •  
  •  

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොනු කළ නඩුවක් විභාගයට ගැනිමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. ඒ, මෙම නඩුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ මූලක විරෝධතාවක් ද ප‍්‍රතික්ෂේප කරමින්. ඒ අනුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක නියෝග කළේ ජූලි මස 12 වනදා මෙම නඩුව විභාගයට ගැනීමටයි.දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ගොනු කළ පදනම් විරහිත පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමන් අත්අඩංගුවටගත් බව නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම නඩුවෙන් පෙන්වා දී තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිය කීර්තිනාමයට හානි සිදු වී ඇති බවත් ඊට වන්දි ලෙස රුපියල් මිලියන 200ක මුදලක් ගෙවන ලෙසත් එමගින් ඉල්ලා තිබෙනවා.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!