“රත්නපුරේ රැලියට ගිය හැමෝටම දඬුවම් කරනවා..” – එස්‌. බී. නාවින්න

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම්කරන්නැයි ඉල්ලමින් ඊයේ (26 දා) රත්නපුර පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන නියෝජිතයන් සහභාගි වී ඇත්නම් ඒ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික, කම්කරු ඇමැති එස්‌. බී. නාවින්න මහතා පැවසීය.
රත්නපුරේ රැලිsයට සහභාගි නොවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක්‌ ගෙන තිබියදී එයට අවනත නොවී පක්‍ෂයේ යම් පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හෝ සංවිධායකවරයකු එහි ගොස්‌ ඇත්නම් ඔවුන්ට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ගවලට යොමුවන බව හෙතෙම කීය.
තවදුරටත් අදහස්‌ දැක්‌වූ එස්‌. බී. නාවින්න මහතා මෙසේද කීය.
පක්‍ෂ නායකත්වයට හෝ මධ්‍යම කාරක සභාවට අභියෝග කරන්න කාටවත් බැහැ. පක්‍ෂයක්‌ වුණාම විනයක්‌ තියෙනවා. එක එක්‌කෙනාට ඕන විදියට නටන්න දෙන්න බැහැ. පක්‍ෂයේ සියලුම දෙනා පක්‍ෂය ගන්නා තීන්දු තීරණ අනුව කටයුතු කළ යුතුයි.
අපි හදන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කොට නැවත අපේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමටයි. දේශපාලන වශයෙන් යන එනමං නැති සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැන් විනාශ කරන්න හදනවා. අපි ඒවට ඉඩ දෙන්නේ නෑ. අපේ පක්‍ෂයේ නායකයා අපේ ජනාධිපතිතුමා. වෙන නායකයෝ අපිට නැහැ යෑයිද ඇමැතිවරයා පැවසීය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!