රත්ගම සභාපතිගේ එක් ඝාතකයෙක් හඳුනා ගනී

රත්ගම සභාපතිගේ එක් ඝාතකයෙක් හඳුනා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කර සිටියේ රත්ගම ප‍්‍රාදේශිය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ ඝාතනයට පැමිණි එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බවයි.
වෙඩි ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහල් ගතව සිටින අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ලබාදුන් කෙටි ප‍්‍රකාශයක් අනුව එම තොරතුරු අනාවරණ වි ඇති අතර මෙම වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින්නේ රත්ගම ප‍්‍රාදේශිය සභා සභාපතිවරයාගේ හිතවතුන් වන සංකු සහ සුසන්ත යන දෙදෙනායි.
වෙඩි ප‍්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සුසන්ත නමැත්තා වෙඩි තැබු පුද්ගලයින්ට වීදුරු බෝතලයකින් දමා ගසා ඇතැයි ද වාර්තා වේ.
ඝාතනයට පැමිණි පුද්ගලයෙකු එම ප‍්‍රහාරයෙන් කැපුම් තුවාල ලබා ඇති අතර සැකකරුවන් අදාල ස්ථානයෙන් පලාගොස් ඇත.
මේ අතර ඝාතනයට ලක්වු රත්ගම ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනාවක්ද අධිකරණය හමුවේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පැවතුණ බව වාර්තා වේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!