රට හොල්ලන පාතාලයෙන් ඇමති සුජිටත් පාඩමක් – ලොක්කට උණ ගැනෙන්න ලේකම් නිවසට වෙඩි පිට වෙඩි ප්‍රහාරක්

රට හොල්ලන පාතාලයෙන් ඇමති සුජිටත් පාඩමක් – ලොක්කට උණ ගැනෙන්න ලේකම් නිවසට වෙඩි පිට වෙඩි ප්‍රහාරක්

Spread the love
  • 47
  •  
  •  
  •  
    47
    Shares

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගලගේ නිවසට අද (26) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මාළඹේ – අයි. ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ මෙම නිවස පිහිටා ඇති අතර, වෙඩි තැබීමෙන් නිවසේ ජනෙල් සහ බිත්තිවලට හානි සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේය. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා නිවසේ රැඳී සිට ඇති නමුත්, ඔහුට සහ පවුලේ සාමාජිකයින්ට කිසිදු හානියක් සිදුවී නොමැති බව අතුරුගිරිය පොලීසිය සඳහන් කළා.ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 18 ක් පමණ එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙ.වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැත.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!