රට හදන්න අගමැති මොළයක් ඉල්ලයි…

රට හදන්න අගමැති මොළයක් ඉල්ලයි…

Spread the love
  •  
  •  
  •  
  •  

ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අවස්ථාවේ පැවති සාකච්ඡාවකදි ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන සැළසුම් සඳහා උපදෙස් ලබාගැනීමට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස්ට ආරාධනා කර ඇත.

මීට පෙරද අගමැතිවරයාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සහ සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව විමසා බැලීමට සහ ඒ සඳහා උපදෙස් ලබාදීමට මහාචාර්ය ස්ටිග්ලිට්ස් සහ ජෝර්ජ් සෝරෝස් 2016 වසරේදී ද ශ්‍රී ලංකාවට පැමිණියහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථික සාමාජීය සංස්කෘතික පරිසරයේ දිශානතිය අවබෝධකර ගෙන සිටින දේශීය ආර්ථික විශේෂඥයෙකුගේ හෝ මහාචාර්යවරයෙකුගේ දැනුම මේ සඳහා යොදා නොගෙන විදෙස් මහාචාර්යවරයෙකුගේ උපදෙස් පැතීම, දේශීය බුද්ධිමතුන්ට කරන අවමානයක් ලෙස ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව ඇත.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!