රට සිට පැමිණි තවත් නිරෝධායනය කර නොගත් 2000ක් නිදැල්ලේ…

රට සිට පැමිණි තවත් නිරෝධායනය කර නොගත් 2000ක් නිදැල්ලේ…

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මේ වනවිට විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින් ගණන 2258ක්.
කෙසේවෙතත් විදේශයන්ගේ සිට පැමිණි 1500 – 2000ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් නිරෝධායනය සඳහා යොමු නොවී සිටින බව අනාවරණ වී තිබේ.
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ජනාධිපති කාර්යය සාධන බළකායේ සාමාජික විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ මහත්මිය පවසා සිටියේ, ස්වයං නිරෝධනායකට යොමු වීම තරම් රට වෙනුවෙන් කළ හැකි වෙනත් දෙයක් තවත් නොමැති බවයි.
තමන්ගේ කම හෝ හිතට ගෙන නිසි ලෙස නිරෝධායන ක්‍රියාවලියට යොමු වන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිරෝධායන මධ්‍යස්ථාන ගණන 16 දක්වා පුළුල් කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන අතර
අලුතින් එක්කළ නිරෝධායන මධ්‍යස්ථාන අතරට බූස්ස නාවික හමුදා කඳවුරේ සිව්මහල් ගොඩනැගිල්ලක්ද අයත්.
ආහාර, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් එම මධ්‍යස්ථානයට ලබා දීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
එමෙන්ම වැලිකන්ද මූලික රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ රෝහලක් බවට පරිවර්තනය කිරීම යුද හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබයි.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!