රට පුරා සොරකම් කළ හතේ කල්ලිය හා හෙර ලොක්කි අම්මා කොටු වූ හැටි

Spread the love
  •  
  •  
  •  
  •  

සමහරු තනියම සොරකම් කරයි. තවත් සමහරු මිතුරන් සමග සොරකම් සිදුකළහ. එහෙත් වර්තමානයේ මෙය පවුල් පිටින් කරන තැනට පත්ව ඇති බව පසුගියදා හෙළි විය. එහෙත් මේ කොල්ලකල්ලිය හසුරවන්නේ අම්මාය.
මෙම කොල්ල කල්ලියේ සාමාජිකයෝ වූයේ මව, පුතුන් තිදෙනකු සහ ‍ලේලියන් තිදෙනකුය.

මෙම හතේ කල්ලිය රටපුරා ප්‍රදේශ රැසක පිට්‍පොකට් ගැසූහ. රන් ආභරණ කොල්ල කෑහ. මත්කුඩු අලෙවි කළහ.
රටට හිසරදයක් වූ මෙම හතේ කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම ‍පොලිසිය පසුගිය සතියෙහි රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේය.
ඇල්පිටිය ‍පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේ සුපිරි නිවාස තුනක් මොවුන් සතුවිය. මෙහි දෙමහල් මන්දිරයක මෙම පවුල් තුනේම සාමාජිකයන් ජීවත්වන බව ‍පොලිසියට මෙම පරීක්ෂණයේදී අනාවරණය කර ගැනීමට හැකි විය.

සිය පුතුන් තිදෙනාටත්, ඔවුන්ගේ බිරියන් තිදෙනාටත් ‘පිට්‍පොකට්’ ගසන අයුරු, මාල කඩන අයුරු සැලසුම් කිරීම හා උපදෙස් දීම සිදුකරන්නේ පනස් හැවිරිදි පතිරගේ මල්ලිකා නම් මේ මවය. ඇය ගනේගොඩ පිහිටි  දෙමහල් නිවසේ සිට මෙම උපදෙස් ලබා දෙන බව එම මන්දිරය අසල වෙස් වළාගෙන සැඟව සිටි ‍පොලිස් නිලධාරීන්ට තහවුරු කරගැනීමට හැකිවී ඇත.

ඔවුන් අසල්වැසියන්ට පවසා ඇත්තේ විසිතුරු අලෙවිය, සබන් ඇතුළු නිවසට අවශ්‍ය කුඩා බඩු භාණ්ඩ අලෙවි කිරීම තමන්ගේ ජීවිකාව විය. ත්‍රිරෝද රථ හතරක්, යතුරුපැදි දෙකක් යොදා ගනිමින් දිනපතා උදෑසන මොවුහු සියලු දෙනා ෙදෙනික රාජකාරි සඳහා පිටත්වන බව අසල්වාසීහු කියති. විශේෂයෙන්ම බැංකු, සුපිරි වෙළෙඳසල්වලට එන පුද්ගලයන් පිළිබඳ එම ආයතන තුළ රැක සිට මව තොරතුරු ලබා ගන්නා අතර ආයතන පිටත සිටින දියණියන් හා පුතුන් සමග පසුපස ලුහුබැඳ ගොස් මහ මගදී යතුරුපැදිවලින් පැමිණ මුදල් පසුම්බි හා ගෙල බැඳි රන් මාල කඩාගෙන යෑම සඳහා ඔවුන් ඉතා දක්ෂ නිසාම මතුගම, කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල, ඇල්පිටිය ඇතුළු ප්‍රදේශ රැසක මංකොල්ල සිදුකර ඇත.

ගාල්ල, ඇල්පිටිය ප්‍රදේශවල පික්‍පොකට් ගසා ‍පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණ මගින් මුදාහැර ඇතැයිද හෙළිව ඇත. මත්කුඩු බෙදාහැරීම ඇතුළු ජාවාරම හෙළිකර ගැනීමට හේතු වූයේ මීට මාසයකට පමණ ඉහතදී මතුගම නගරයේදී මොවුන් සිදු කළ ‘පික්‍පොකට්’ ගැසීමකදී බව ‍පොලිසිය පවසයි.
බුද්ධි අංශ නිලධාරින් සූක්ෂ්මව රැස් කළ තොරතුරු අනුව පසුගිය (31දා) අත්අඩංගුවට ගත් මවගේ වයස අවුරුදු 50කි. වැඩිමහල් පුතාගේ වයස අවුරුදු 27කි. ඔහු සංජීව ප්‍රසාද්ය. ඔහුගේ බිරිඳ ශාලිකා 24 හැවිරිදිය. දෙවැනි පුතා ප්‍රසන්නය. වයස අවුරුදු 22ක් වූ ඔහුගේ බිරිඳ දිල්හානිය. ඇය 21 හැවිරිදිය. බාල පුතා දිනේෂ් 20 හැවිරිදිය. ඔහුගේ බිරිඳ 18 හැවිරිදි සශිකලාය.  මේ පවු‍ලේ හවුල් ජාවාරම් සඳහා යොදාගත් ත්‍රිරෝද රථ තුනක්, යතුරුපැදි දෙකක් මතුගම ‍පොලිසිය භාරයේය. මතුගම ‍පොලිසියේ විශේෂ කාර්යංශයේ උකුසු ඇස හඹා ගිය ත්‍රිරෝද රථය ගාල්ල ප්‍රදේශයේ සඟවා තිබියදී ‍පොලිසිය සොයාගත්තේය.

බැංකු සහ සුපිරි වෙළෙඳසල් තුළ පැය ගණන් රැක සිට ගනුදෙනුකරුවන් මුදල් රැගෙන පිටව යන අයුරු අධ්‍යයනය කර ඔවුන් සමගම මෙම ජාවාරමේ නායිකාව වූ මව බස්රථවලට ගොඩවන විට වටෙන් පැමිණෙන ‍ලේලියන් තිදෙනාද මව සමීපයට ගොස් අසාමාන්‍ය තෙරපීමක් ඇතිකරන අතරතුර ආරක්ෂාවට බස්රථ තුළ පුතුන්ද රැකවල්වල යෙදෙති. ඒ අතරතුර මව නිතර භාවිත කරන සැත්කම් සඳහා භාවිත කරන පිහි තලයකින් බෑග් හෝ සාක්කුව කපන විට පසුම්බිය හැලෙන්නේ ‍ලේලියන්ගේ අතටය. මේ සඳහා ඔවුන් සතු නිපුණතාව නිසා අහිංසකයන් සිය ගණනක් තමන්ට සිදුවූ විපත දැන ගත්තේ ‍පොකට් කල්ලිය ගම රටටද ගිය පසුවය. ළාබාල පෙනුමැති තරුණ කාන්තාවන්ගේ නාරි දේහයන් අතර තෙරපෙන තරුණයන්ට තරු පෙනෙන්නේ මේ නාරි දේහවල වින්දනය අවසන ඔවුන් බැස ගිය පසු තම ඇඳුමේ පසුපස සාක්කුවද නැති බව දැනගත් පසුය.

මතුගම ‍පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරින්, මතුගම ‍පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට මතුගම සහකාර ‍පොලිස් අධිකාරිවරයාට මෙවැනි වංචාකරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් හා අවශ්‍ය පහසුකම් ලබානොදුන්නේ නම් ඇල්පිටියේ මව අතින් මෙහෙයවුණු  උපදෙස් ගන්න මේ හොර පවුල තවත් සිය දහස් ගණනකගේ ‍පොකට්ටුවට, ගෙල බැඳි මාලයටත් විදින්නේය. දස දහස් ගණනකට මත්කුඩු ‍පොවන්නේය.

වයි. ආරියතිලක-බදුරලිය

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!