රට පැන්න CID නිශාන්ත සිල්වාට වැඩ වරදියි

රට පැන්න CID නිශාන්ත සිල්වාට වැඩ වරදියි

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

පසුගියදා මාරුවක් ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ (24දා) දහවල් සිය දරු පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බව වාර්තාවේ. ලසන්ත ඝාතනය, සුදුවෑන් මගින් තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම,ඩි ඒ රාජපක්ෂ ස්මාරක නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතන, උපාලි තෙන්නකෝන් පහරදීම,
කීත් නොයාර් අඩන්තේට්ටම් කිරීම ඇතුළු විවිධ සංසිද්ධි පිලිබද විමර්ශනය කරමින් හා ඒවාට සාක්ෂි සමග නඩු පවරා තිබූ නිලධාරියකු වූ නිශාන්ත සිල්වා මේ ආකාරයට රට හැර ගොස් ඇත්තේ පොලිසියට නොදන්වා බවද වාර්තාවෙ.

(Visited 231 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!