” රට පැටලීමට උඩගෙඩි දුන් විජයකලාට පොට පැටලෙයි..? “

” රට පැටලීමට උඩගෙඩි දුන් විජයකලාට පොට පැටලෙයි..? “

Spread the love
  •  
  •  
  •  
  •  

ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා රහස් පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ය.දැනට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ නීතීඥවරුන් අධිකරණයේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගිනිමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කරන ලදී.විද්‍යා ඝාතන නඩුවේ නව වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බඳිනු ලැබ තිබිය දී රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇතැයි ද, ලලිත් ජයසිංහ මහතා ගැන විමර්ශන පවත්වන රහස් පොලිසිය ඇය ගැන විමර්ශනය කර නැතැයි ද ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දන්වා ඇත.එම සිදුවීමට අදාල වීඩියෝපටයක් ද නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ගම්වාසීන් විසින් විදුලි කණුවක බඳිනු ලැබ සිටි ස්විස් කුමාර් බේරාගෙන මුදා හැරීම ගැන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශනය කරන ලෙසත්, ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් රහස් පොලිසියට නියෝග කරන ලදී.එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙසටයි කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාගේ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!