“රට ගොඩ ගන්න අලුත් පක්ෂයක් ඕනෑ……..” – කුමාර වෙල්ගම

“රට ගොඩ ගන්න අලුත් පක්ෂයක් ඕනෑ……..” – කුමාර වෙල්ගම

Spread the love
  •  
  •  
  •  
  •  

නව පක්ෂයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කිසිදු මත ගැටුමක් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයන් පවසද්දී, මත ගැටුම් හේතුවෙන් නව පක්ෂයක් බිහිකිරීම අඩ පණ වී ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ. නඩු විභාගයක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කණ්ඩායමේ ප්‍රකාශකයකු වන කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියේ, අනිවාර්යයෙන්ම නව පක්ෂයක් බිහි කෙරෙන බවයි. “ඒකාබද්ධ විපක්ෂය තුල සිටින කිසිවෙකුත් අලුත් පක්ෂයක් අනවශ්‍ය බව ප්‍රකාශ කර නැහැ. අලුත් පක්ෂය සුදුසු අවස්ථාවේදී බිහිවේවි,” ඔහු පැවසීය. ශ්‍රී ලංකාව මේ මොහොතේ ‘අමාරු අඩියකට’ වැටී සිටින බැවින් රටට අලුත් පක්ෂයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ මතු වී තිබෙන බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!