”මේ වෙලාවේ රටේ සාමන්‍ය ජනයාගේ අතට නීතිය ගන්න දුන්නොත් විනාසයි”-සම්බන්දන්

”මේ වෙලාවේ රටේ සාමන්‍ය ජනයාගේ අතට නීතිය ගන්න දුන්නොත් විනාසයි”-සම්බන්දන්

Spread the love
  •  
  •  
  •  
  •  

රටේ සාමාන්‍ය ජනතාවට නීතිය අතට ගැනීමට ඉඩ නොතැබිම රජයේ වගකීම බව විපක්ෂනායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පවසයි.
අම්පාර හා මහනුවර ප්‍රදේශවල සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (7දා) පෙරවරුවේ යාපනයේ දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
රටේ යම් ප්‍රශ්නයකට සුළු ජාතීන් මැදිහත් වී සිටින විට ජනතාවට නීතිය අතට ගැනීමට ඉඩනොදීමට රජය වගබලාගත යුතු බවත් එසේ වුවහොත් රජය එක් පාර්ශ්වයකට වැඩියෙන් සලකන බවට මතයක් ඇති වීම නොවැළැක්විය හැක්කක් බවද ඒ මහතා කීවේය.
මුස්ලිම් ජනතාව ක්‍රියාකළ ආකාරය ක්‍රියාකළ අන්දම තමන් කිසිසේත් අනුමත නොකරන බවත් රටේ පුරවැසියන් ලෙසට පවත්නා නීතියට ගරු කළ යුතුව තිබෙයි. මුස්ලිම්, සිංහල හෝ දෙමළ ජනතාවට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සඳහා ගත හැකි එකම පියවර මිනීමරා ගැනීම නොව සාමකාමී අන්දමින් විසඳාගැනීම බවත්, විපක්ෂයක් ලෙසට තමන් ක්‍රියාකරන්නේ විනාශකාරී සිදුවීම් වළක්වා ගනිමින් සාමකාමීව සංහිඳියාවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට බවත් සම්පන්දන් මහතා දෙමළ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙයි.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!