රටේ සදාචාරය බල්ලට …සිරිපාදයටත් ගංජා

රටේ සදාචාරය බල්ලට …සිරිපාදයටත් ගංජා

Spread the love
  • 35
  •  
  •  
  •  
    35
    Shares

කේරල ගංජා සහ අධි මාත‍්‍රා වේදනා නාශක හා මත්පෙති රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිදෙනෙකු හැටන් පොලිස් කොටිඨාස දුෂණ මර්දන ඒකකය මඟින් ඊයේ (24) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන අය අත්අඩංගුවට ගැනිම සඳහා හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව ඊයේ (24) පස්වරුවේ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල දියගල ප‍්‍රදේශයේදි සිදුකළ හදිසි මෙහෙයුමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, මහරගම, කුරුණෑගල පිලියන්දල, මහනුවර, දෙහිවල සහ රාගම යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20-30 අතර වයස් කාණ්ඩවල පසුවන අය බව මෙම වැටලිම සිදුකළ හැටන් පොලිස් කොටිඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මාහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!