”රටේ ප්‍රශ්න විසදන්න විදේශයන්ට ඉඩ දෙන්නේ නෑ..”අගමැති මහින්ද

”රටේ ප්‍රශ්න විසදන්න විදේශයන්ට ඉඩ දෙන්නේ නෑ..”අගමැති මහින්ද

Spread the love
  • 40
  •  
  •  
  •  
    40
    Shares

කුමන අභියෝග පැමිණිය ද ඉදිරියටම ගමන් කරන බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න විසඳීම සඳහා කිසිඳු අවස්ථාවක විදේශයන්ට ඉඩ නොදෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේ දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (14) පැවැති හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද පැවසීය.
පසුගිය වසර හතර හමාරක කාලයක් පුරා උතුරේ දමිළ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් ලබාදීමට හෝ උතුරේ එකඳු සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට හෝ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වූ බව පෙන්වාදෙන ඒ මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා දෙමළ ජාතික සන්ධානය දැවැන්ත සහයෝගයක් ලබාදුන් නමුත් උතුරේ ජනතාවගේ කිසිඳු දැවෙන ප්‍රශ්නයකට ඵලදායී පිළිතුරක් ලබාදීමට අසමත් වූ බවද පෙන්වා දෙයි.
දෙමළ මාධ්‍ය භාවිතා වන ආකාරය සෑමවිටම ආණ්ඩු විරෝධී මාවතක් ගන්නා බවත් දෙමළ ජනතාවයි ආණ්ඩුවයි ඈත් කිරීමෙන් වළකින්නැයි මා දෙමළ මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා. දෙමළ ජනතාවයි ආණ්ඩුවයි දෙපාර්ශ්වය එක්ව විශ්වාසයක් ඇති නොවන්නේ නම් එය රටට පාඩුවක් බව පෙන්වාදුන් ඒ මහතා අපේ රට අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න විසඳීම සඳහා විදේශයන්ට ඉඩදිය නොහැකි බවද ජනතාවයි ආණ්ඩුවයි අතර සම්බන්ධය ඈත් කිරීම වසර ගණනාවක් පුරා සිදු කෙරුණු බවද සිහිපත් කළේය

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!