“රටේ නීතිය හෑල්ලුවට ලක් වෙලා” – නවීන් දිසානායක

“රටේ නීතිය හෑල්ලුවට ලක් වෙලා” – නවීන් දිසානායක

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

මේ රටේ නීතිය හෑල්ලුවට ලක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ තලවකැලේ සුමන මහ විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේ අද (14) පැවති විශේෂ රැස්වීමක දිය .එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.“මේ රටේ දේශපාලඥයින්ට එක් අකාරයටත් සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. ශ්‍රි ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින රටක් තුල සැමට නිතිය එක හා සමානව ක්‍රියාත්මක කල යුතුයි. මේ රටේ යුද්ධය අවසන් කල නායකයා පරාජයට පත් කල ජනතාවක් සිටින රටක ජනතාවගේ නාඩි තේරුම් ගන්න බැහැ. සෘජු තිරණ ගන්නා, සොරකම් නොකරන, කෙලින් වැඩ කරන ඕනෑම පාටක දේශපාලඥයින්ට තම සහයෝගය දක්වන්න. එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ජන්ද දායකයාගේ සිතුම් පැතුම් තේරුම් හා ගැටලු තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් සමග මම සාකච්ඡා කර ජාතික සංවිධායක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. තම මව් භාෂාවට අමතරව මේ රටේ සෑම සිසුවෙකුම තවත් භාෂාවක් දැනගත යුතුයි.මේ රට තුල ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට ගුරුවරුන් 6000 සිටියත් ඔවුන්ගේ සේවය නිසි ලෙස ඉටු කරනවාද යන්න ගැටලුවක් මතු වි තියෙනවා.”

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!