“රටේ ජනතාව හුරන් කා, IMF කියනා පදේට නටන්න නම්, ආණ්ඩුවක් මොකටද..?”-රවී අසයි

“රටේ ජනතාව හුරන් කා, IMF කියනා පදේට නටන්න නම්, ආණ්ඩුවක් මොකටද..?”-රවී අසයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

රටට නව බදු ප්‍රතිපත්තියක් අවශ්‍ය නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයන්ට අනුව මේ රටේ බදු වැඩිකරන්න දිය නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.එසේම නව බදු ප්‍රතිපත්තිය තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ බවත් නමුත් අද වන විට ඉදිරිපත් කර තිබෙන බදු ප්‍රතිපත්තිය ඊට හාත්පසින්ම වෙනස් බවද ඔහු පෙන්වා දෙයි.හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (2018/04/01) තොටළඟ එජාප කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.උතුරු කොළඹ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාන්ඩ බෙදාදීම වෙනුවෙන් පැවති මෙම අවස්ථාවේ දී නව බදු ක්‍රමය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නව බදු ක්‍රියාවලිය සියළු අංශ කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇති බවය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!