රටේ ආරක්ෂාව අනතුරේ දමමින් වාහන ලියාපදිංචිය පිටරට සමාගමකට විකිණේ..!

රටේ ආරක්ෂාව අනතුරේ දමමින් වාහන ලියාපදිංචිය පිටරට සමාගමකට විකිණේ..!

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචිය හා පැවරීම පෞද්ගලික ආයතනයකට ලබාදීමේ ‘ ඊ මොනිටරින් ’ ව්‍යාපෘතියේ ටෙන්ඩර් කටයුතු දූෂිත ආකාරයෙන් සිදුවන බවට වාර්තා පළ වනවා. ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක් ජනාධිපතිවරයා වෙතද පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙම ව්‍යාපෘතිය මගින් වසරකට රුපියල් කෝටි 400 ක් පමණ විදේශීය සමාගමකට ගෙවීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දී ඇත.මහජන මුදල් ගසා කෑමට වඩා රටේ ආරක්‍ෂාවටද බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවද මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. අදාළ ව්‍යාපෘතිය මගින් වාහන පිළිබද තොරතුරු පද්ධතියක් ස්ථාපිත කෙරෙන අතර එමගින් ඕනෑම වාහනයක් ස්ථානගත කර ගැනීමට හැකියාව ලැබෙන බවයි එම සේවකයන් පෙන්වා දී ඇත්තේ. එම තොරතුරු රජයේ නොවන වෙනත් කණ්ඩායමක් අතට පත්වීම ආරක්‍ෂාවට තර්ජනයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!