රටේ අනාගතය වනාසපාලු කරන්න ඉන්දියාවට,ඇමරිකාවට ලංකාවෙන් තවත් කොටසක් පුදයි

රටේ අනාගතය වනාසපාලු කරන්න ඉන්දියාවට,ඇමරිකාවට ලංකාවෙන් තවත් කොටසක් පුදයි

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

දැන් පවතින දේශපාලන රටාවත් සමග දිනෙන් දින කාබාසිනි කර දමන මාතෘ භුමියේ සාරය හෙටක් වෙනුවෙන් ඉතිරි කිරීමට නොහැකි අනුවණ පාලකයන් බිහිවී ඇත්තේ රටේ අවාසනාවට විය යුතුය.


මෙරට පිහිටි ප්‍රධාන රෝහල්වල රෙදි සේදීමේ කටයුතු ඉන්දියානු සමාගමකට පවරා තිබෙන බවත් මෙරට ඉඩම් මැනුම් කටයුතු සිදුකිරීම සඳහා ඇමෙරිකානු සමාගමකට ලබාදී තිබෙන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
රෝහල්වල රෙදි සේදීම තුළින් මෙරට රැකියා රැසක් පවතින බවත් ඒවා මේවන විට අහිමිවීමේ අවධානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම රෙදි සේදීම සඳහා උපදේශකත්වය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකු සිටින බවත් හෙතෙම කියා සිටියේ ය.
මෙරට ඉඩම් මැනීම සඳහා ඇමෙරිකානු රජයෙන් ණය මුදලක් ලබාගෙන එම ණය මුදල නැවතත් ඇමෙරිකානු සමාගමකට ලබාදී මෙරට ඉඩම් මැනීම සිදු කරන බවට ද හෙතෙම චෝදනා කළේය. කෘෂිකර්මාන්තයට මෙන්ම රටේ වටිනා සම්පත් සහ විවිධ සම්පත් පිළිබඳව ඇමෙරිකානුවන් අතට පත්වන බවත් එමෙන්ම භූගෝලීය වශයෙන් මෙරට ඇති යුදමය ස්ථාන පිළිබඳව විශේෂ බලපෑමක් ඇති කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
රජය වී වගාව ඉවත් කිරීම මෙන්ම දේශීය කෘෂිකර්මාන්තය ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළ බවද මෙරට ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසා තිබෙන බවත් ඒ සඳහා පැවති නීති ඉවත් කිරීම් කටයුතු සිදු කර තිබෙන බවද සඳහන් කළේය.
මෙරට පවතින කෘෂිකාර්මික වැදගත්කමක් ඇති ඉඩම් විදේශිකයන්ට පවරා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවද වැල්ලවාය ප්‍රදේශයේ ඉඩම් ක්කර 2500ක ප්‍රමාණයක් ඇමරිකාවේ ඩෝල් සමාගමට ලබාදී තිබෙන බවත් සෝමාවතිය පුදබිම අක්කර 5000 ප්‍රමාණයක් ඇමෙරිකානු ඩෝල් සමාගමට ලබා දී තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී චෝදනා කළේය.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!