රටම බේරා ගත් කොළඹ නිවසක් නැති ජනපති මහින්ද මැතිඳුන් මිරිහානෙනුත් එළවීමට මෙහෙයුමක්

රටම බේරා ගත් කොළඹ නිවසක් නැති ජනපති මහින්ද මැතිඳුන් මිරිහානෙනුත් එළවීමට මෙහෙයුමක්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදිංචිය සඳහා ලබා දී තිබෙන මිරිහාන ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසේ අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්aන කිරීම සඳහා රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයාව සිටි එලියන්ත වයිට්‌ මහතා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත අද (05 වැනිදා) පෙරවරුවේ කැඳවා තිබිණි.
මෙම නිවසේ අයිතිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණය සඳහා පැය දෙකක කාලයක්‌ තිස්‌සේ එලියන්ත වයිට්‌ මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
මෙම නිවස හිටපු ජනාධිපතිවරයාගේ පාවිච්චිය සඳහා ලබා දී ඇත්තේ එලියන්ත වයිට්‌ මහතා විසිනි. එම නිවසේ අයිතිය සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ. ඒ අනුව ඊයේ පෙරවරු 9.00 ට පමණ වයිට්‌ මහතා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි අතර පෙරවරු 11.00 වනතුරු ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!