රටම කැළඹු ඝාතනය වූ මාතර සිසුවා මිය යන්නට පෙර මාතර බස් නැවතුම් පළේදී මුහුණු දුන් අවාසනාවන්ත සිදුවීම

රටම කැළඹු ඝාතනය වූ මාතර සිසුවා මිය යන්නට පෙර මාතර බස් නැවතුම් පළේදී මුහුණු දුන් අවාසනාවන්ත සිදුවීම

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා ඇතුළු පිරිසක් සිද්ධිය වූ දින උදෑසන මාතර බස් නැවතුම්පොළේදී ඝාතනයට ලක්වූ සිසුවාට පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන ලැබී තිබෙනවා.මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර සිසුන් තුන්දෙනා ලබන 10 වනදා දක්වා ඊයේ (03) යළි රක්ෂිත බන්ධනාගාරගත කරණ ලදී.ඒ මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ මහත්මිය හමුවට ඔවුන් ඉදිරිපත් කළ අවස්ථාවේදී වේ.මාතර – ඇළවේල්ල පාරේ උපකාරක පංතියක් අසලදී මෙම පහරදීම සිදුවුණේ පසුගිය 24 වැනිදායි.යතුරුපැදියකින් පැමිණ මග රැක සිටි සිසුන් තිදෙනෙකු, සිද්ධියෙන් මියගිය රසිඳු ගිම්හාන් සිසුවාට සහ ඔහුගේ මිතුරන්ට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්වී තිබුණා.ඝාතන සිද්ධිය සිදුවූ දිනයේ උදෑසන මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ තුලදීද ඝාතනයට ලක්වූ සිසුවාට සැකකාර සිසුන් ඇතුළු පිරිසක් පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.

(Visited 54 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!