රටම කතා කරනා ‘උදානගේ’ හුදකලා ඉණිම(වීඩියෝ)

රටම කතා කරනා ‘උදානගේ’ හුදකලා ඉණිම(වීඩියෝ)

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 4-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 ක් අවසානයේ ලකුණු 189 කට සීමා කිරීමට ඇන්රිච් නොට්ජේ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී හුදෙකලා පිතිහරඹයක නිතර වූ ඉසුරු උදාන, සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිස වේගවත් ලකුණු 78 ක් රැස්කළේය. පන්දු 57 කදී වාර්තා වූ උදානගේ මංගල එක්දින අර්ධ ශතකයට දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.ලකුණු 97 කට කඩුලු 7 ක් බිඳ වැටී අඩ පණවී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක්කළ උදාන, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 92 ක් එක්ව තිබිණ. ඉනිමේ අවසන් පිතිකරුවා වූ කසුන් රාජිත (නොදැවී 0) සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද උදාන සමත් විය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!