“රජය ගැන විශාල අවිශ්වාසයක් මෙන්ම මහජන විරෝධයක් ගොඩනැගිලා… මම දුකෙන්…” – රතන

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ (11) අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගත් ආකාරය සහ එහි අන්තර්ගතය පිළිබද මේ වනවිට වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පවා විවේචනාත්මක අදහස් පළ කරමින් සිටී.
අතුරලියේ රතන හිමියන් පැවසුවේ පනත සම්මත කර ගත් ආකාරය පිළිබද කිසිසේත්ම සතුටුවිය නොහැකි බවය. එමෙන්ම අතීතය සෙවීමෙන් සෙතක් අත් වනවා දැයි තව දුරටත් රජයෙන් ප්‍රශ්න කරමින් සිටී.
ආණ්ඩුව යන මේ ගමන තුළ රටේ ජනතාවට ඔවුන් ගැන විශාල අවිශ්වාසයක් මෙන්ම මහජන විරෝධයක් ගොඩනැගී ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳ තේරුම්ගත යුතුව ඇති බවත් උන්වහන්සේ පවසා සිටී. මෙසේ අන්තර්ජාතික ප්‍රජාවට අවැසි ලෙස කටයුතු කරන්නට ගියහොත් ජාතික සංහිදියාව බිඳි යනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!