රග්බි ගහන්න ලංකාවට ඇවිත් එකට කුඩු ගසා මියගිය ක්‍රීඩකයන් දෙන්නාගේ කතාව

රග්බි ගහන්න ලංකාවට ඇවිත් එකට කුඩු ගසා මියගිය ක්‍රීඩකයන් දෙන්නාගේ කතාව

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

කොළඹ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජයක්‌ විසින් සුහද රග්බි තරගාවලියක්‌ පසුගිය සතියේ සංවිධානය කරන ලදී. ඒ සඳහා සහභාගී වන ලෙස එංගලන්තයේ Clems Pirates Rugby කණ්‌ඩායමට ද ඔවුහු ආරාධනා කළහ. එම ආරාධනාව ප්‍රතික්‌ෂේප නොකර මහත් ඉහළින් ඔවුහු පිළිගත්හ. ඒ අනුව ක්‍රීඩකයෝ විසි දෙනකුගෙන් යුත් රග්බි කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණියහ. ඒ පසුගිය 10 වැනිදාය. එලෙස මෙරටට පැමිණි එංගලන්ත රග්බි ක්‍රීඩකයන්ව අදාළ බලධාරීහු මහත් හරසරින් යුතුව පිළිගත්හ.

rugbyඑංගලන්ත රග්බි ක්‍රීඩකයන්ට නවාතැන් පහසුකම් සපයා දී තිබුණේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික හෝටලයකයි. පළමු දින විවේකගත් ඔවුහු දෙවැනි දිනය සිට පුහුණුවීම්වල නිරත වූහ. සුහද රග්බි තරගාවලියේ ඔවුන් සමඟ පළමු තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 12 වැනිදාය.

නියමිත දිනය උදාවිය. එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ නියමිත වේලාවටත් පෙර ක්‍රීඩාංගණයට පැමිණියහ. සැලකිය යුතු ප්‍රේක්‌ෂකයන් පිරිසක්‌ සුහද තරගාවලිය නැරැඹීම සඳහා පැමිණ තිබුණහ. එම ප්‍රේක්‍ෂකයන්වද අමන්දානන්දයට පත් කරවමින් දෙරටේ ක්‍රීඩකයෝ මහත් වූ උෙද්‍යාගයකින් යුතුව ක්‍රීඩා කළහ. අවසානයේ සුහද තරගාවලියේ දෙරට අතර පැවති එම තරගය සුහද ලෙසම අවසන් විය.

තරගය අවසානයෙන් පසු එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ යළි කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි තම ලැගුම්හල වෙත පැමිණියහ. පසුදින තරගයක්‌ නොතිබුණ නිසා එදින රාත්‍රියේ එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ රාත්‍රී සමාජ ශාලාවක්‌ වෙත යැමට තීරණය කළහ. ඒ මෙරට රග්බි ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ අනුදැනුම මතයි. එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ කල්වේලා ඇතිව මෙරට රග්බි ක්‍රීඩකයන්ගෙන් කොළඹ අවට ඇති රාත්‍රී සමාජ ශාලා පිළිබඳ තොරතුරු දැන ගත්හ.

රාත්‍රී කාලය උදාවිය. එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි එක්‌තරා රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළු වූහ. හැඩි දැඩි පෙනුමකින් යුතු සුදු මහත්වරුන් පිරිසක්‌ එනු දුටු එම සමාජ ශාලාවේ නාට්‍යාංගනාවියෝ සහ කළමනාකාරිත්වය ඉමහත් සතුටට පත්වූහ. ඒ මන්ද යත් සමහර විදේශිකයන් අතදිග හැර වියදම් කරන නිසාවෙනි.

රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වූ එම එංගලන්ත රග්බි ක්‍රීඩකයන් සියලු දෙනාම එහි සේවය කරන තරුණ නාට්‍යාංගනාවියෝ ශෘංගාරාත්මක අයුරින් පිළිගත්හ. එම නාට්‍යාංගනාවියෝ ඉතා පියකරු අයවූ අතර ඔවුන් සිටියේද අඩ නිරුවතිනි. එමනිසා එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ එම තරුණියන්ට විශාල කැමැත්තක්‌ දැක්‌වූහ.

පැය කිහිපයක්‌ ගතවිය. ඒ වන විට එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ සැලකිය යුතු මත්පැන් බෝතල් ප්‍රමාණයක්‌ හිස්‌කර තිබුණහ. බමන මතින් මත්වී සිටි සමහර ක්‍රීඩකයෝ තරුණ පියකරු නාට්‍යාංගනාවන් තුරුලු කරගෙන විනෝද වූහ. තවත් පිරිසක්‌ එම තරුණියන් සමඟ මත්පැන් පානය කළහ. තවත් කිහිප දෙනෙක්‌ අඩ නිරුවතින් නර්තනයේ යෙදෙන නාට්‍යාංගනාවන් දෙස බලා සතුටු වූහ.

තරුණ නාට්‍යාංගනාවන් සමඟ නොයෙක්‌ අයුරින් විනෝද වූ ඔවුනට කාලය ගෙවී යන අයුරු නොතේරුණි. වේලාව අලුයම තුන පසුවි තිබුණි. ඒ වන විටත් සමහර එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ මත්පැන් පානය කරමින් තරුණ නාට්‍යාංගනාවන් සමඟ විනෝද වූහ.

තෝමස්‌ හාවර්ඩ් සහ තෝමස්‌ බෙටි යන රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගජ මිතුරන්ය. හාවර්ඩ් සහ බෙටි තම තමන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගන්නේ එම විශ්වාසවන්ත මිතුරුකම නිසාය. කණ්‌ඩායමේ අනෙක්‌ ක්‍රීඩකයෝ පවා මොවුන් දෙදෙනාගේ එම මිතුරුකම ගැන දැන සිටියහ. එදින රාත්‍රී සමාජ ශාලාවේදීද තෝමස්‌ සහ බෙටි ඇතිවන තුරු මත්පැන් පානය කරමින් නාට්‍යාංගනාවියන් සමඟ විනෝද වූහ.

ඇතිවන තුරු රාත්‍රී සමාජ ශාලාවේ විනෝද වූ එංගලන්ත රග්බි ක්‍රීඩකයෝ අලුයම හතරට පමණ යළි කොළඹ කොටුවේ නවාතැන් ගෙන සිටි හෝටලය වෙත පැමිණියහ. ඒ වන විටත් සමහර ක්‍රීඩකයන් සිටියේ බමන මතින්ය. ඒ අතර හාවර්ඩ් සහ බෙටි ද සිටියහ. හෝටලයට පැමිණි විගසම බොහෝ ක්‍රීඩකයෝ තම තමන්ගේ කාමරවලට ගොස්‌ නින්දට වැටුණහ. එහෙත් බමන මතින් හාවර්ඩ් සහ බෙටි නොනිදා සිටියහ.

හාවර්ඩ් සහ බෙටි මත්පැන්වලට අමතරව නීති විරෝධී මත්ද්‍රව්‍ය පානයට ද ඇබ්බැහි වී සිටියහ. ඒ අනුව ඔවුන් දෙදෙනා මොනවදොa මත්වෙන කුඩු වර්ගයක්‌ පානය කළහ. බමන මතින් සිටි ඔවුහු අධික ලෙස එම කුඩු වර්ගය පානය කළහ. එම මත්වන කුඩු වර්ගය එංගලන්තයේ සිට රැගෙන ආවාද නැතිනම් මෙරටින් සොයා ගත්තාද යන්න දන්නේ ඔවුන් දෙදෙනා පමණි.

rugby1පමණ ඉක්‌මවන තුරු එම කුඩු වර්ගය පානය කළ ඔවුන් දෙදෙනා නින්දට වැටුණේ අසිහියෙන් මෙන්ය. පැය කිහිපයක්‌ ගතවිය. හාවර්ඩ් සහ බෙටිට හුස්‌ම ගැනීමට අපහසු විය. කොපමණ උත්සාහ කළත් ඔවුන් දෙදෙනාට හුස්‌ම ගැනීමට අපහසු වූහ. වහාම හෝටල් කළමනාකාරීත්වය ඔවුන් දෙදෙනාව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමට පියවර ගත්හ.

පෞද්ගලික රෝහලට ඇතුළත් කළ පසු ඔවුන් දෙදෙනාව දැඩි සත්කාර ඒකකයට දමා ප්‍රතිකාර කළහ. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්‌ඩලය සමඟ දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් ඵලක්‌ වූයේ නැත. එදින උදෑසන එනම් 13 වැනිදා තෝමස්‌ හාවර්ඩ් මිය ගියේය. ඊට දින දෙකකට පසු එනම් 15 වැනිදා තෝමස්‌ බෙටි ද අවසන් හුස්‌ම හෙළුවේය.

තම සහෝදර ක්‍රීඩකයන් දෙදෙනාගේ අවාසනාවන්ත මරණ ආරංචි වීමත් සමඟ සෙසු රග්බි ක්‍රීඩකයෝ ඉමහත් කම්පාවට පත්වූහ. ඒ සමඟම සුහද රග්බි තරගාවලියද අවලංගු කළේය. එංගලන්ත Clems Pirates Rugby කණ්‌ඩායමේ කළමනාකරු ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඇතුළු සියලුම දෙනා කම්පාවට පත්වන බවත්, මියගිය ක්‍රීඩකයන් දෙදෙනාගේ පවුල්වල ඥතීන්ගෙන් සමාව අයදින බවත්ය.

කොටුව පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය වූයේ මෙම එංගලන්ත රග්බි ක්‍රීඩකයන් දෙදෙනා අධික ලෙස මත්පැන් පානය කර ඉන්පසු කිසියම් මත්කුඩු වර්ගයක්‌ පානය කිරීම නිසා ශ්වසන ආබාධයක්‌ ඇතිවී මියගිය බවයි. තවද හාවර්ඩ්ගේ සහ බෙටිගේ මරණ තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදුවූවක්‌ නොවන බවද පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී නිගමනය කර තිබුණි.

අධික ලෙස මත්පැන් සහ මත්කුඩු පානය කිරීම නිසා සුහද රග්බි තරගාවලියකට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි එම තරුණ ක්‍රීඩකයන් දෙදෙනාට අවසානයේ ඇතිවූයේ එවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමටයි. කිසිම දෙයක්‌ පමණට වඩා හොඳ නැත. විශේෂයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය මොනම හේතුවක්‌ මතවත් භාවිත නොකළ යුතුය. එසේ වුවහොත් සිදු වන්නේ හාවර්ඩ් සහ බෙටිට අත් වූ ඉරණමයි.

(Visited 104 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!