”රංජන්ගේ හඩ පට ජිනීවා වලට යයි වගේ ..”ජවිපෙ කියයි..

”රංජන්ගේ හඩ පට ජිනීවා වලට යයි වගේ ..”ජවිපෙ කියයි..

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මඟින් අනාවරණ වන කරුණු ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව භාවිත කිරිමේ අවධානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නලීන් ද ජයතිස්ස මන්ත්‍රීවරයා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දේවල් ඉතා මෝඩ ක්‍රියාවන් බව ඕනෑම අයෙක් දන්නා බවයි.
එමෙන්ම බොහෝ දෙනෙක් මෙම හඬපට පටු දේශපාලන වාසි සඳහා යොදා ගෙන ඇතැයි ද පැවසු ඒ මහතා මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ, පෞද්ගලික වශයෙන් සිදුවන හානියට වඩා බරපතළ තත්ත්වයකට රට පත්වීම බවද කියා සිටියේය.
ලෝකය ඉදිරියේ ලංකාවට හෑල්ලුවට ලක්වන බවත් ඉදිරියේ පැවැත් වෙන ජීනිවා සමුළුවේ දී සාක්ෂි ලෙස මෙම හඬපට ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!