යෝෂිතට නැවතත් FCID පෙනී සිටින්නැයි අධිකරණ නියෝගයක්

යෝෂිතට නැවතත් FCID පෙනී සිටින්නැයි අධිකරණ නියෝගයක්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ලබන 18ත්, 23ත් අතර කාලයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිිටින්නැයි ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.
අපේ‍්‍රල් මස 5 සහ 7 යන දිනවල යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණේය.
කෙසේ වෙතත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥයින් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත‍්‍රාත්වරයා අදාළ දින වකවානු වෙනස් කරමින් මෙම නියෝගය ලබා දුනි.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!