“යෝජිත නව ව්‍යාවස්ථාව මර උගුලක්…කිසිසේත්ම ඒකීය රාජ්‍ය කැඩීමට ඉඩ දෙන්නේ නෑ” – වාසු

“යෝජිත නව ව්‍යාවස්ථාව මර උගුලක්…කිසිසේත්ම ඒකීය රාජ්‍ය කැඩීමට ඉඩ දෙන්නේ නෑ” – වාසු

Spread the love
  •  
  •  
  •  
  •  

වමේ පක්ෂ එකතුවක් ඊයේ (03) ප්‍රවෘති සාකච්ජාවක් කැඳවා තිබුනේය. යෝජිත ව්‍යවස්ථාව තුල බලය බෙදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී අදහස් පළ විය.
කිසිසේත්ම ඒකීය රාජ්‍ය කැඞඩීමට ඉඩ නොදෙන බවත් යෝජිත නව ව්‍යාවස්ථාව මර උගුලක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“දැන් ඔබ අහන්නේ ව්‍යවස්ථාව තුළ ඒකාබද්ධ විපක්ෂය මේ උතුරේ නැගෙනහිරෙ ඉන්න දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන ගන්නා වූ ස්ථාවරය මොකද්ද, ඒ ස්ථාවරය අපි ඉදිරිපත් කරනවා. දැනට ඒ ස්ථාවරය අවසාන වශයෙන් අපි තීන්දු කරගෙන නෑ. ඒකීය රාජ්‍යක් තුළ ෆෙඩරල් වාදයකින් තොර ජනතාවගේ බලය විමධ්‍ය ගත කෙරුණු ලංකාවයි. ආණ්ඩුවත් ඉදිරිපත් කරලා නෑ. ආණ්ඩුව ඉදිරිපත් කරපුවහම අපි අපේ එක ඉදිරිපත් කරනවා. නමුත් අපේ එක දල වශයෙන් ඔච්චරයි.
ආණ්ඩුව ඉදිරිපත් නොකරන ඒ යෝජනාව අපි අනුමාන කරනවා මේ අරගෙන එන්නේ ඒකීය රාජ්‍ය කඩන්නයි. එක නිසා එක මර උගුලක්.
බලය බෙදන්නේ ඒකීය රජයක් තුල ෆෙඩරල් වාදය අනුව නෙවෙයි.මෙයාගේ උවමනාව ඒකීය රාජ්‍ය කඩලා ෆෙඩරල් වාදය අනුව බෙදන්නයි.එක මර උගුලක්. මේ රට විජාතික බවේග වලට පාවා දීමක්.”

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!