යුරෝපයෙන් ගෙන්වූ එන්නත් ගැසූ හදවත් රෝගීන් 4ක් මරුට… මැරුණට පසු කමිටුවක්…

යුරෝපයෙන් ගෙන්වූ එන්නත් ගැසූ හදවත් රෝගීන් 4ක් මරුට… මැරුණට පසු කමිටුවක්…

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ රෝගීන් සිව්දෙනකු මියයැමට හේතු වී ඇත්තේ හදවත් සැත්කම්වලට පෙර සිදු කරන ඩයි සහිත එන්නත විෂවීම බව ඒ සම්බන්ධව සිදු කරනු ලැබූ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම එන්නත (නන් අයනික්‌ කන්ට්‍රාස්‌ට්‌ මීඩියා ෆෝ කාඩියෝ ඇන්ජියෝග්‍රැෆි ෆෝ ඇඩල්ටි මිලිග්‍රෑම් 100) රෝගීන්ට ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය හා පෝෂණ ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.
ඉකුත් 26 වැනිදා ‘ස්‌ටෙන්ට්‌’ උපාංගය බද්ධ කිරීමේ සැත්කම්වලට ලක්‌ වූ රෝගීන් හයදෙනකුගෙන් සිව්දෙනකු මෙලෙස මියගොස්‌ තිබේ.
අදාළ ඩයි වර්ගය සහිත එන්නත එකක්‌ රුපියල් 1137 බැගින් වූ මිලට පෞද්ගලික ඖෂධ සමාගමක්‌ විසින් යුරෝපා රටකින් ආනයනය කර වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇත.
මෙම එන්නත් අටදහසක්‌ එම සමාගම වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබේ. ඒවා මේ වන විට කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ (රාගම) ශික්‍ෂණ රෝහල, දකුණු කොළඹ (කළුබෝවිල) ශික්‍ෂණ රෝහල, කළුතර කුරුණෑගල, බදුල්ල. කරාපිටිය, යාපනය, මොනරාගල සහ පේරාදෙණිය යන මහ රෝහලෙහි භාවිත වන බවත් මෙම එන්නත නිසා රෝගීන් මරණයට පත්වීම වාර්තා වූයේ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම රෝගීන් සිව්දෙනා මියයැම සම්බන්ධව සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යවරයාගේ උපදෙස්‌ මත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කර ඇත.
එහි කමිටු සාමාජිකයන් ලෙස නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය ලක්‍ෂ්මී සී. සෝමතුංග, අධ්‍යක්‍ෂ (රසායනාගාර සේවා) ෙ-. එම්. එම්. කේ. කේ. බී. කමල් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහණ ද සිල්වා යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!