යුධ හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

යුධ හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

සියලු පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව දරුවන් පාසල් යැවීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මාපියන්ගෙන් ඉල්ලා සිටියි.මේ වසරේ දෙවැනි පාසල් වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ දී පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණ ද පැතිර ගිය කටකතා සහ තහවුරු කර නොගත් තොරතුරු හේතුවෙන් බොහෝ මාපියන් ඔවුන්ගේ දරුවන් පාසල්වලට එවීමට මැළිකමක් දැක්වූ බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියා සිටී.

(Visited 159 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!