යුධහමුදා කර්නල් ඥාතියා ගුරු උපදේශකට මරු ගෙනෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

යුධ හමුදා කර්නල්වරයෙකුගේ ඥාතියෙකු පැදවු වෑන් රථයක් අනුරාධපුර පැරණි නුවර පාරේ උණගස්වැව හංදිය අභයපුර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු මාරක රිය අනතුරකින් වෙළදආයතනයක් ඉදිරිපිට සිටි ගුරු උපදේශකවරයෙකු බරපතල තුවාල ලබා (19) සවස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.අනුරාධපුර දෙස සිට පැමිණි වෑන් රථයට යටවීමෙන් බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුයේ අනුරාධපුර කලාපයේ චිත්‍ර කලා ගුරු උපදේශකවරයෙකු වශයෙන් සේවයේ නියුතුව සිටි අංක 30, මධ්‍යම පාන්තික නිවාස, අභයපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි බස්නායක මුදියන්සේලාගේ ගාමිණී අතුල්‍ය බස්නායක (54)දෙදරු පියා ය.
මේ අතර කලවානවැලිකුඹුර ප‍්‍රදේශයේදී යතුරු පැදි දෙකක් සහ ලොරියක් ගැටීමෙන් සිදු වූ රියඅනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ. මියගිය කොස්තාපල්වරයා කලවාන පොලීසියට අනුයුක්තව සේවය කළ 26 වැනි වියේ පසුඅයෙකි. මේ අතර වෛද්‍යවරියක් සහ තවත් අයෙකු මරණයට පත් කරමින් පුත්තලම හලාවත මාර්ගයේ බත්තුළුව ප‍්‍රදේශයේ පෙරේදා සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිරියැදුරා ඇප මත මුදාහැර ඇත

(බුද්ධික මහේෂ් විජේසුරිය – අනුරාධපුර /ජූඩ් සමන්ත-පුත්තලම)

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!