යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙන කරන්න යන ප්‍රහාරයක් ගැන හෙළිවෙයි

යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙන කරන්න යන ප්‍රහාරයක් ගැන හෙළිවෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

පෙරේදා (16 දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වන ලද රිශාම් මරූෂ් නමැති අයෙකු  ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ හතළිස් පස්දෙනකු යොදවාගෙන සැලසුම් කර ඇති බව කියන පාස්කු ප්‍රහාරය බඳු ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක් කර තිබේ. මෙම හමුවේදී කරුණු දැක්වූ ඔහු යුද හමුදා සෙබළෙකු මෙයට මුල්ව කටයුතු කරන බවත් එය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් කීය.
මහජන සේවා සංවිධානය නම් සංවිධානයක සභාපති බව කියන රිශාම් මරූෂ්  පවසන්නේ
දැනට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අටලුගම රාලලාගේ අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයාගේ අනුදැනුම යටතේ තවත් ආරක්ෂක අංශයේ සාමාජිකයන් හතළිස් පස්දෙනකු මුස්ලිම් ආගම වැලඳගෙන මෙම ප්‍රහාරයට සූදානම් වන බවකි.මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කර මේ වන විට මාසයක් ගත වුවත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙයට නොගත් නිසා ඔහුට මෙය මාධ්‍යයට ප්‍රකාශ කිරීමට සිදු වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 83 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!