“යුද්දයෙන් මිය ගිය කොටි මහත්වරුන්ට වන්දි ගෙවන්න”-කැබිනෙට් මණ්ඩලයට යෝජනාවක්

“යුද්දයෙන් මිය ගිය කොටි මහත්වරුන්ට වන්දි ගෙවන්න”-කැබිනෙට් මණ්ඩලයට යෝජනාවක්

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

යුද්දය හේතුවෙන් මිය ගිය කොටි සාමාජිකයින්ටත්, ඔවුන්ගේ ඥාතීන්ටත් ශ‍්‍රී ලංකා රජය විසින් වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට ඇමතිවරුන් කිහිප දෙනෙකුම විරෝධය පල කර ඇත.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.යුද්ධයේදී මිය ගිය සිවිල් වැසියන්ට , හානි වු ආගමික ස්ථානවලට හා ගැටුමින් මිය ගිය එල්.ටී.ටී.ඊ සටන් කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමට අවසර ඉල්ලා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.ස්වාමිනාදන් ඇමතිවරයා මීට මාස කිහිපයකට ඉහතදී ද මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එහිදී ද ඇමතිවරුන් විරෝධය පළ කර තිබේ.මෙම කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡාවට ගත් අවස්ථාවේදී ඊට විරෝධය පළකර ඇති ඇමතිවරයෙකු ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා , ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක යන නායකයින් ඝාතනය කරන ලද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් වෙනුවෙන්ද මෙම වන්දි මුදල් ගෙවන්නේ දැයි ප්‍රශ්න කර ඇති බව දැන ගන්නට තිබේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!