“යාපනේ හැමතැනම බුදුපිළිම තියා බෝගස් පැල කිරීම නිසා ප්‍රශ්න ගොඩයි…” – රාජිත

“යාපනේ හැමතැනම බුදුපිළිම තියා බෝගස් පැල කිරීම නිසා ප්‍රශ්න ගොඩයි…” – රාජිත

Spread the love
  •  
  •  
  •  
  •  

බෞද්ධයන් නොමැති ප්‍රදේශවල බුදුපිළිම ඉදිකිරීම ඇතුලු සිදුවීම් සිදුවන නිසා ගැටළු ගණනාවක් මතුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඥාණසාර හිමි ජාතිවාදියෙකු බවයි.ඇතැම් ප්‍රදේශවල සිදුවන සිදුවීම් ගැන රජය සමග සාකච්ඡා නොකර ඒ ප්‍රදේශවලට ගොස් කටයුතු කරන්නට යෑමෙන් මේ තත්වය උදාවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
බොදු බල සේනා සංවිධානයට එල්ල වන චෝදනා සහ කුරගල පුදබිම විනාශ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටී අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ,
“ඔය ප්‍රදේශවල වගේම කතෝලික ප්‍රදේශවල ගිහිල්ලා බුදු පිළිම තියනවා.මුස්ලිම් ගමට ගිහිල්ලා බුදු පිළිම තියනවා.යාපනයේ ගිහිල්ලා හැම තැනම බෝ ගස් ගහනවා.හැම තැනම චෛත්‍ය ගහනවා.ඔය සිද්ධීන් දෙපැත්තම වෙනවා.මේ රජය ආවාට පස්සේ කොච්චර ප්‍රශ්න අඩුද ? එක දවසින් හැමදේම හදන්න නෙමෙයිනේ මේ ආණ්ඩුව ආවේ.අපිට අවුරුදු 05 ක් තියනවා.එදා අලුත්ගම නිවාස 235ක් ගිනි තිබ්බා. ගිය ආණ්ඩුව කාලේ කාවද අත්අඩංගුවට ගත්තේ. “

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!