යාපනේ පොලිස්‌ පරීක්‍ෂකවරයකුට “ගෙදර යන ගමන්” ප්‍රහාරයක්

යාපනේ පොලිස්‌ පරීක්‍ෂකවරයකුට “ගෙදර යන ගමන්” ප්‍රහාරයක්

Spread the love
  •  
  •  
  •  
  •  

යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ රාජකාරිය නිම වී නිවස බලා යමින් සිටි උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුට යතුරුපැදිවලින් පැමිණි කණ්‌ඩායමක්‌ පහරදී තුවාල සිදු කර ඇත.
සින්දු රාජා නමැති 32 හැවිරිදි මෙම උප පොලිස්‌ පරීක්‍ෂකවරයා කයිට්‌ස්‌ පොලිසියේ සේවය කරන අයෙකි.
මොහු රාජකාරිය නිම වී යතුරුපැදියෙන් නිවස බලා යද්දී මාර්ගය අයිනේ සිටි තරුණයන් සිව්දෙනකු සමග ඔහු බහින්බස්‌වී තිබේ.
මෙහිදී එක්‌ පුද්ගලයකු මෙම උප පොලිස්‌ පරීක්‍ෂකවරයාට පහර දීමක්‌ සිදුකර ඇති බව යාපනය පොලිසිය කියයි. සිද්ධිය හටගත් මොහොතේ සැකකරුවන් මත්පැන් පානය කර සිටි බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී හෙළි වී තිබේ.
සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!