යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ යුද හමුදාව විසින් භාවිත කළ ඉඩම් අක්කර තුනක් ඒවායෙහි මුල් අයිතිකරුවන්ට භාරදීම සඳහා නිදහස් කොට යුද හමුදාව එම ඉඩම්වලින් ඉවත් වී තිබේ.එම ඉඩම් ප්‍රමාණය පවුල් නවයක් පදිංචිව සිටි බලපත්‍ර සහිත ඉඩම් බව පසුගියදා අග්‍රාමාත්‍යවරයා යාපනයට ගොස් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීද හෙළි වී තිබේ. එම ඉඩම් අයිතිකරුවන්ට භාරදිය යුතු බව සාකච්ඡාවේදී ප්‍රකාශ වීමෙන් පසුව යුදහමුදාව එම ඉඩම්වලින් ඉවත් වී තිබේ.වසර විසිතුනකට පමණ පසුව එම ඉඩම් නිදහස් කොට, අච්චුවේලි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදී තිබේ. මේ දිනවල යුද හමුදාව සිය බංකර් හා ගොඩනැඟිලි ඉවත් කරගනිමින් එම ඉඩමෙන් පිටව යෑම ආරම්භ කොට තිබේ.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!