යාපනේට ගොස් 500ක් පමණ සිපගත් ස්විස් දේවගැත්තාගෙන් කොරෝනා පැතිරෙයි…

යාපනේට ගොස් 500ක් පමණ සිපගත් ස්විස් දේවගැත්තාගෙන් කොරෝනා පැතිරෙයි…

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

යාපනය ප්‍ර‌දේශයට ‌කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික ‌දේවගැතිවරයා සහ ඔහු‌ගේ ‌දේවමෙහෙයට සහභාගී වූ ජනතාවට කොරෝනා රෝගය වැළඳීමට ඇති ඉඩකඩ අතිවිශාල බවට වාර්තා වේ.
මෙම ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ ‌මෙම ‌දේවමෙහෙය පවත්වා ඇති බවත් වාර්තා විය.
කොරෝනාවෛරසය ආසාදිත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට ද එම වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
එම පුද්ගලයා දේව මෙහෙයට සහභාගි වූ අයෙකු නොවන අතර දේවගැතිවරයා ලැගුම්ගෙන සිටි ස්ථානයට ගොස් ඔහු හමුවූ අයෙකි.
මෙම ‌දේව ‌මෙහෙයට 500කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති අතර ‌ඔවුන් සියල්ලන්ව ඔහු සිපගෙන ඇත. මේ වනවිට ‌පොලිසිය ඔවුන් ‌සොයා ‌මෙහෙයුම් ආරම්භ ‌කොට ඇති බවත් වාර්තා වේ.

(Visited 250 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!