යාපනය ගිය රනිල්ගෙන් යාපනේ වැසියන්ට පොරොන්දු මල්ලක්

යාපනය ගිය රනිල්ගෙන් යාපනේ වැසියන්ට පොරොන්දු මල්ලක්

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (28) කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්වල සංචාරය නිරත වුණා.වත්මන් රජය බලයට පත්වීමෙන් පසු උතුරු පළාත තුළ සිදුකරන නැවත පදිංචි කිරීම් , නිවාස ඉදිකිරීම් , ඉඩම් මුදාහැරීම් , රැකියා හා යටිතල පහසුකම් සැපයීම් ඇතුලු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ අරමුණෙන් යුතුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සිදු කරන බව අරලියගහ මන්දිරය නිවේදනය කළා.“ශ්‍රී ලංකාවේ සංවර්ධනය යාපනයේ සිට හම්බන්තොට දක්වා ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කළ යුතුයි. එහිදී අපට පළමුවෙන්ම සංවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ කිලිනාච්චි ප්‍රදේශයයි. එහි පළමු අවශ්‍යතාවය වන්නේ ජලය ලබාගැනීමයි. 1977 දී මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. එහි දියුණුව රටේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණත් උතුරු ප්‍රදේශයට එම දියුණුව පැමිණීමට පෙර යුද්ධය ඇති වුණා. නමුත් කෙසේ හෝ අප ඒ සංවර්ධනය නැවත ඇති කළ යුතුයි. ආණ්ඩුවේ යාන්ත්‍රණය ගොඩනැගිලි ඉදිකිරීම කොංක්‍රිට් දැමීමෙන් ඔබ්බට ගොස් ජනතාවට ප්‍රයෝජනවත් ලෙස ආර්ථික නිෂ්පාදන වැඩිකළ යුතුයි. මේ සෑම පියවරකම අරමුණ විය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමයි.” යාපනයේදි මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරින් සමග පැවති සාකච්ඡාවදි අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!