යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු යළි අවලංගු කෙරේ….

යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු යළි අවලංගු කෙරේ….

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අදාළ නියෝගය නිකුත් කොට ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට තිබේ.අදාළ කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයන් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණය සාමාන්‍ය අතට පත්වනතුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කොට ඇත.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!