යහපාළු මණ්ඩලේ කචල් පිට කචල්… වහාම ඇමති මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක්….

යහපාළු මණ්ඩලේ කචල් පිට කචල්… වහාම ඇමති මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක්….

Spread the love
  •  
  •  
  •  
  •  

අමාත්‍ය මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සංශෝධනයේදී රජයේ ඉහළපෙළේ තනතුරු ගණනාවක් වෙනස් වනු ඇතැයි පැවසේ.
දැනට පවත්නා දේශපාලන තත්ත්වය හා මැතිවරණ පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
විශේෂයෙන් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇති කරුණු මෙන්ම ජාතික ආර්ථිකයේ හටගෙන තිබෙන ගැටලු සහගත තත්ත්වය සමනය කරගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් එ.ජා.ප.යට ද දැනුම් දී තිබෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!