යහපාලනය  ජංගම දුරකතනයටත් බදු කොකා පෙන්වයි

යහපාලනය ජංගම දුරකතනයටත් බදු කොකා පෙන්වයි

Spread the love
  •  
  •  
  •  
  •  

යහපාලන ආණ්ඩුවේ නව බදු ක්‍රමය හේතුවෙන් රුපියල් 100ක මුදලක් තම ජංගම දුරකතනයට දමාගත් දුරකතන පාරිභෝගිකයෙකුට හිමිවන්නේ රුපියල් 56ක කතා කාලයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කරයි. දුරකථන ගාස්තුවලට මුලින් සෙස් බද්ද ලෙස 2%ක්ද, විදුලි සංදේශ බද්ද ලෙස 25%ක්ද වශයෙන් 27% ක් අය කළ බව පවසන ඔහු ඉදිරියේදී එකතුවීමට නියමිත 15%ක වැට් බද්ද හා 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දත් සමග සමස්ත බදු ප්‍රමාණය 44% ක් දක්වා ඉහළ යන බවද සදහන් කරයි. මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී රටේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්වන බවත් එමගින් උද්ගතවන ගැටළුවලට ආණ්ඩුව සෘජුව වගකිවයුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!