‘යලිත් ජනපති මහින්දයි..’ ප‍්‍රකට ඉන්දීය දේශපාලඥයා හිටපු ජනපති ගැන සහතිකයක් ‌දෙයි..

‘යලිත් ජනපති මහින්දයි..’ ප‍්‍රකට ඉන්දීය දේශපාලඥයා හිටපු ජනපති ගැන සහතිකයක් ‌දෙයි..

Spread the love
  • 52
  •  
  •  
  •  
    52
    Shares

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා වන බව ඉන්දියාවේ ඉහලම පෙලේ දේශපාලඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල චිරාත් හින්දුස්තාන් සංගමයේ ආරාධනාවක් මත ඉන්දීය සංචාරයක නිරතව සිටී.අද දිනයේ දී හිටපු ජනාධිපතිවරයා එම සංගමය නව දිල්ලියේදී සංවිධානය කර ඇති මහජන රැස්වීමකදී දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත වරක් මෙරට ජනාධිපතිවරයා වීමට නීතියෙන් බාධාවක් නැති බවට ප‍්‍රබල නීති තර්කයක් මතුව ඇති අවස්තාවක ජාත්‍යන්තර මට්ටමේ විද්වතෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන සුබ‍්‍රමනියම් ස්වාමි මහතාගේ ප‍්‍රකාශය සැලකිය යුතු විශේෂත්වයක් දරයි.

(Visited 77 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!