“යන්න කලින් එකෙක් හරි එල්ලනවා”-ජනපති සිරිසේන

“යන්න කලින් එකෙක් හරි එල්ලනවා”-ජනපති සිරිසේන

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප‍්‍රතිප‍්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ අතර එකී මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්‍යයද උපරිමයෙන් භුක්ති විඳිමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි. මත්ද්‍රව්‍ය ගැටලූව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ මත් උවදුරෙන් මේරටේ තරුණපරපුර ගලවා ගැනීම සඳහා තමා දැඩි වෙහෙසක් ගෙන කට යුතු කළ බවයි. මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිසනැමීමට සිදුවන බවත් යම්හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එමනඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!