
“යකඩ මිනිහා පුප්පන්න ජනතා මුදල් මිලියන 580ක් කා දමයි”-පිවිතුරු හෙළ උරුමය
යකඩ මිනිසා ලෙස හැසිරෙන පාඨලී චම්පික රණවකගේ ප්‍රචාරණ කටයුතු සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ආයතන දාහතරකින් රුපියල් මිලියන 580ක් වෙන් කරගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක පවසයි. පිවිතුරු හෙළ උරුම පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප්රචාරක වියදම් පිළිබඳ තොරතුරු තමන් සතුව තිබෙන බවද කියා සිටියේය.
(Visited 150 times)