“නිකං මඩ ගසන්න එපා….! මම හොරෙක් නම් හිරේ දමන්න”-නාමල්

“නිකං මඩ ගසන්න එපා….! මම හොරෙක් නම් හිරේ දමන්න”-නාමල්

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

අර්ජුන් ඇලෝෂියස්ගෙන් රුපියල් සීයයක් අරගෙන තිබුණා නම් යහපාලනය අනුව මම සැකකරුවෙක් වන අතර අර්ජුන් ඇලෝෂියස් රජයේ සාක්ෂිකරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ‍ අද(25) පෙරවරුවේ විතාරන්දෙණිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.මෙ එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.”අපිට ඇඟිල්ල දික් කරපු අය, අපිට හොරා කියපු අය අද ඇලෝෂියස් මුදලාලිගේ අරක්කු බෙදීම පටන් අරගෙන. බෙදාහරින්නෙත් බලනකොට එයාලමයි. ඇලෝෂියස් මුදලාලිගෙන් සල්ලි ගත්තු එක කොටසයි එළියට ඇවිත් තියෙන්නේ. මේ ආණ්ඩුව සුද්ධ කරපු බැංකු වගේම තවත් හොරකම් රාශියක් මේ රටේ තියෙනවා.මට කෝල් අටසීයක් දුන්නා නම්, දීපු සල්ලි තියෙනවා නම් ඒව හොයාගෙන මාව හිරේ දාන්න. හැබැයි අර සල්ලි ගත්තු අයත් හිරේ දාන්න. එතකොට අපි තුන්හතර දෙනාම එකට ඉන්නම්. එතකොට හරිනේ වැඩේ..”පසුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනතාව දැනුම්වත් කිරීම සඳහා අත් පත්‍රීකා බෙදීමේ වැඩසටහනකටද සහභාගි විය.වත්මන් ආණ්ඩුව සිදු කරන දුෂණ සහ මැතිවරණ කල් දැමිමේ ක්‍රියා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරිම සඳහා රට පුරා මෙලෙස අත්පත්‍රිකා බෙදා දිමේ වැඩ සටහන් ඉදිරියෙදි සිදු කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!