මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිගොණුව කෝ…………?

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිගොණුව කෝ…………?

Spread the love
  •  
  •  
  •  
  •  

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ දී දූෂණ වංචා හා අක‍්‍රමිකතා රැසක් සිදුව ඇතැයි වාර්තා වේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ වාහන පන්දහස් හාරසිය අනූහතරක් ලියාපදිංචි කිරීමේ දී දූෂණ සහ අක‍්‍රමිකතා සිදුව ඇති බවයි. මෙම අක‍්‍රමිකතාවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ද ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට එරෙහිව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවට රාජ්‍ය ගිණුම් කාරක සභාව සකස් කළ වාර්තාවේ දැක්වේ. අදාළ වාහන 5494 ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන්ට නියෝග කර තිබේ. මේ අතර එම දෙපාර්තමේන්තුවේ වාහන 597 ක තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද රාජ්‍ය ගිණුම් කාරක සභාව සිය වාර්තාව මගින් අනාවරණ කර තිබේ.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!