මොරටු සරසවි සිසුවා මියගොස් ඇත්තේ කතුරකින් ගෙල ප්‍රදේශයට ඇනගෙනලු

මොරටු සරසවි සිසුවා මියගොස් ඇත්තේ කතුරකින් ගෙල ප්‍රදේශයට ඇනගෙනලු

Spread the love
  •  
  •  
  •  
  •  

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයකු සිය නේවාසිකාරයේදී පෙරේදා (11 වැනිදා) සවස කතුරකින් ගෙල ප්‍රදේශයට ඇනගෙන සියදිවි හානි කරගෙන ඇත.
මෙසේ මියගොස්‌ ඇත්තේ ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 23 හැවිරිදි නිමන්ත දිනේෂ් නමැති තරුණයෙකි.

මෙම ශිෂ්‍යයා මොරටුව සරසවියට පැමිණි දින පටන් සෙසු ශිෂ්‍යයන්ගෙන් වෙන්වී හුදකලා ජීවිතයක්‌ ගතකර ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී ඇත.
පොලිසිය සිදුකළ මූලික පරීකෂණවලින් හෙළිවී ඇත්තේ මෙම මරණය සියදිවි හානිකර ගැනීමක්‌ බවයි. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ විමර්ශනවලින්ද එය තහවුරුවී තිබේ.
පෙරේදා සවස්‌ කාලයේදී නිමන්ත ශිෂ්‍යයා සිය නේවාසිකාගාරයේ තනිවම සිට ඇත. එහි සිටි ඔහුගේ මිතුරන් සිව්දෙනා නේවාසිකාගාරයෙන් පිටතට ගොස්‌ ඇත.
මිතුරන් එදින සවස නේවාසිකාගාරයට එද්දී නිමන්ත නවාතැන් ගන්නා කාමරය ඇතුළතින් අගුළුලා තිබී ඇති අතර කිසිවකු කෙඳිරිලි නඟන හඬක්‌ ඇසීමෙන් පසු මිතුරන් නිමන්ත සිටි කාමරයේ දොර කඩා එහි ඇතුළු වී තිබේ. ඒ වන විට නිමන්ත ලේ විලක්‌ මැද වැටී සිටි ඇති අතර මිතුරන් වහාම ඔහු පානදුර රෝහලට රැගෙන ගොස්‌ ඇත. ඔහු රෝහල් ගතකරන විටත් මියගොස්‌ සිට ඇත.
නිමන්තගේ මෘතදේහය පානදුර රෝහලේ තැන්පත් කර තිබෙන අතර මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ කරගෙන යන බව මොරටුව පොලිසිය පවසයි.
ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරළ මහතාගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!