මොකක්ද මේ මානසික රෝගීන්ට කරන්ට් එක අල්ලනවා කියන්නේ ?

Spread the love
  •  
  •  
  •  
  •  

මිනිසුන්ගේ මූලිකම අවශ්‍යතා මොනවද කියන(කරන්ට්) එක මම නම් මුලින්ම ඉගෙන ගත්තෙ තුන වසරේ සිසුවියක් වෙලා හිටපු කාලෙ ප්‍රනාන්දු ටීචර්ගෙන්. නිකටේ රැවුල් ගස් හතරක් පහක් තිබුණු මිටි මහත ප්‍රනාන්දු ටීචර් එදා අපට උගන්වපු විදිය කොයිතරම් හිතට වැදුණද කියනව නම් මේ ලියන මොහොතේ එදා පාඩම මතකෙට එන ගානයි. සති කිහිපයකට කලින් ප්‍රනාන්දු ටීචර් මෙලොව හැර ගිය පුවත කන වැටුණු වෙලාවෙත් මතක් වුණු නොයෙක් සිදුවීම් අතරේ මේ පරිසරය පාඩමෙත් තිබුණ බව මට මතකයි.



ඉතින් ඒ පාඩමයි මේ ලියැවිල්ලෙයි තියෙන සම්බන්ධය මොකක්ද? ඔබට හිතෙනවා ඇති. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඒ මම කලින් කියපු දේවල් ටික නම් අනෙකුත් අවශ්‍යතා මොනවද? අඳුම්, නිවාස, යාන වාහන, අධ්‍යාපනය ඔය වගේ තව කීයක් නම් තියෙනවද? එතකොට “විදුලිය”? වර්තමාන මිනිසාගේ අවශ්‍යතා අතර මූලිකම තැනක් විදුලියට හිමි වන බව නොකියා පුළුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න උදේ නැඟිටපු වෙලාවෙ ඉඳන් නින්දට යනකල්ම සහ නිදාගෙන නැඟිටින කාලය අතරතුරත් විදුලිය යොදාගෙන මොනතරම් නම් වැඩ කරගන්නවද කියලා.

දවසකට ලයිට් කපපුවාම අපේ දෛනික වැඩකටයුතු මොනතරම් අවුල් සහගත තත්ත්වයකට පත් වෙනවද කියලා. එදා ප්‍රනාන්දු ටීචර් තුනේ පන්තියෙ ළමයින්ගෙන් “හා ළමයි” කියන්න බලන්න අපිට නැතිවම බැරි දේවල් මොනවද කියලා. අහපු වෙලාවෙ එක එක ළමයි එක එක විදියේ පිළිතුරු ලබා දුන්නා මට මතකයි. ඒත් කවුරුත් විදුලිය කියලා නම් කිවුවෙ නෑ. ඒත් අද නම් තුනේ නෙවෙයි මොන්ටිසෝරි පන්තියකින් ඇහුවත් ඒ ප්‍රශ්නෙට උත්තරේ හැටියට “විදුලිය” කියන එක කීප දෙනෙක්ගෙන් හරි කියැවෙයි. ඒක බොරුවක්වත් පිළිගන්න බැරි කතාවක්වත් නෙවෙයි නේද? ඉතින් මේ තරම් නැතිවම බැරි විදුලියට අපි කොයිතරම් නම් බයයිද? දරාගන්න බැරි තරම් කම්පනයක් හරි අදහාගන්න බැරි සිදුවීමක් හරි වුණහම අපි කියන්නෙ “මට නිකම් කරන්ට් එක වැදුණා” වගේ කියලනෙ. විදුලි උපකරණයක් පාවිච්චි කරන්න ගිහිල්ලා අත්වැරැදීමකින් කරන්ට් වැදුණු අවස්ථා මට වගේම ඔබටත් සමහර විට ඇති. ඒකට අපි කොයිතරම් බයද කියනව නම් එහෙම වෙලා සුමානයක් දෙකක්වත් යනකල් විදුලිය එක්ක ගනුදෙනු වෙන්නෙ හරි පරිස්සමටනෙ.

මේ අටුවා ටීකා ටිප්පනිවලින් පිරුණු පාර දිගේ මං ඔබව කැන්දන් යන්නෙ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඡ්ඛ්ඊ අංශයට. ඒ කියන්නෙ කරන්ට් එක අල්ලන තැනට. මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන එක ක්‍රමයක් තමයි ඒක. බොහෝ විට ඔබ මේ ගැන අහලා ඇති. නමුත් ඒ ක්‍රියාදාමය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නම් බහුතරයකට තියෙනවා වෙන්න බෑ.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඡ්ඛ්ඊ අංශයේ නිර්වින්දන වෛද්‍ය ශිරාන් පුත්‍ර මහතා ඔබ වෙනුවෙන් අපට ඒ ගැන විස්තර කළේ මෙහෙමයි. මේ අංශයෙන් කෙරෙන්නෙ රෝගීන්ට පොඩි විදුලි ප්‍රමාණයක් ඔළුවට අල්ලන එක. සරලවම දෙන්න පුළුවන් උත්තරේ ඒක තමයි. ඒත් මෙහෙමයි. කරන්ට් එක අල්ලන එකෙන් හරියටම රෝගියකුට ලැබෙන්නෙ මොනවද කියලා ලෝකෙ කොහෙවත් හොයාගෙන නෑ. ඒත් විශ්වාස කරනවා මොළේ තියෙන නියුරෝන අතර තියෙන තරලවලින් තමයි සන්නිවේදනය වෙන්නෙ කියලා සහ ඒ තරලයේ යම් යම් අසංකූලතා නිසා තමයි මනස අවුල් සහගත වෙන්නෙ සහ කරන්ට් එක ඇල්ලීමෙන් සිද්ධ වෙන්නෙ ඒ තරලය එහා මෙහා කරලා යථා තත්ත්වයකට පත්වන එක කියලා. වචනවලින් කියන තරම් ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒත් ඒ ක්‍රියාව විස්තර කරන්න පුළුවන් පහසුම විදිය තමයි ඒ.

එතකොට මෙතැන ඉන්න සියලුම රෝගීන්ට ඡ්ඛ්ඊ ප්‍රතිකාරය ලබා දෙනවද?
“නැහැ. හැම රෝගියකුටම ඡ්ඛ්ඊ ලබා දෙන්නෙ නෑ. එක එක මානසික රෝග වර්ග තියෙනවා. ඒ ඒ රෝගයේ හැටියට මනෝ වෛද්‍ය විශේෂඥවරයා තමයි නිර්දේශ කරන්නෙ මේ රෝගියාට ඡ්ඛ්ඊ ප්‍රතිකාරය අවශ්‍යයි කියලා. කවුරුත් මුහුණ දෙන්න කැමැති ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි මේක. ඒ නිසා හිරිවට්ටලා අපි ඡ්ඛ්ඊ දෙන්නෙ නෑ. මම සහ තවත් වෛද්‍යවරියක් මෙතැන ඉන්නවා අපි රෝගියාව නිර්වින්දනය කරනවා. ඉන් පස්සෙ තමයි ප්‍රතිකාරය ලබාදෙන්නෙ.
ඡ්ඛ්ඊ ප්‍රතිකාර ලබා දෙන්නෙ යම් යම් මානසික රෝග වර්ග සඳහා පමණයි කියලා ඔබ කිවුවනෙ. එතකොට රෝගියාගෙ ශාරීරික තත්ත්වය මේකට බලපාන්නෙ කොහොමද?

“අනිවාර්යයෙන්ම විශාල ලෙස බලපානවා. ඡ්ඛ්ඊ ලබාදෙන පුද්ගලයා ඒ ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා ශාරීරිකව සුදුසු විය යුතුමයි. මොකද අනිවාර්යයෙන්ම ඒ රෝගියා නිර්වින්දනය කිරීමට (සිහි නැති කිරීමට) සුදුසු කායික තත්ත්වයක ඉන්න ඕනෙ. ඕනෙම ඔපරේෂන් එකකට කලින් රෝගියකුගෙ ඉතිහාසය පිළිබඳ යම් හැදෑරීමක් කරනවනෙ. මේ රෝගියා නිර්වින්දනය කළොත් මේ තත්ත්වය එන්න පුළුවන්. නැවැත සිහිය ගන්න බැරි වෙයි. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙන අයට අපි ඡ්ඛ්ඊ ලබා දෙන්නෙ නෑ. මෙහාට රෝගියව යොමු කරන්න කලින් ඒ තොරතුරු ටික හොයලා බලල තමයි ඡ්ඛ්ඊ සඳහා යොමු කරන්නෙ. මෙහෙට යොමු කළාට පස්සෙ අපිත් වෙනමම ඒ කරුණු පිළිබඳ සොයා බලලා තමයි නිර්වින්දනය කරලා ඡ්ඛ්ඊ ප්‍රතිකාරය ලබා දෙන්නෙ. මොකද මානසික රෝගයක් සුව කරන්න ගිහින් පුද්ගලයකුට ජීවිතේ නැති වෙන්න වගේ අවදානමක් අපි කොහොමත්ම භාර ගන්නෙ නෑ. ඒ වගේ අය සඳහා වෙනත් ප්‍රතිකාර ලබා දෙනවා.”

මොන වගේ දේවල්ද එතකොට රෝගියාගෙ කායික තත්ත්වය මැන ගන්න යොදා ගන්නෙ?
“ලොකු දේවල් සොයා බැලීමක් අවශ්‍ය නෑ. අපි රුධිර පීඩනය බලනවා. ඡ්ඛ්ට් එකක් අරගෙන බලනවා සහ තව බ්ලඩ් ඉන්විස්ටිගේෂන් එක බලනවා. ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් ගන්නෙ. ඔය ටිකෙන් අපට තීරණය කරන්න පුළුවන් රෝගියා නිර්වින්දනය කරලා ඡ්ඛ්ඊ ලබාදීමට සුදුසු කායික තත්ත්වයක ඉන්නවද කියලා.”

මේ ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිඵලය නිශ්චිත නැහැ. ඒ වගේම ඒකෙන් සිදුවන දේ පිළිබඳවත් පැහැදිලි දැනුමක් නෑ. එහෙම තත්ත්වයකදී බෙහෙත් පමණක් යොදා ගැනීම වෙනුවට ඡ්ඛ්ඊ ලබාදීම තවදුරටත් කෙරෙන්නේ ඇයි?
“මේකයි, බෙහෙත්වලට වඩා ඡ්ඛ්ඊ වලින් කෙරෙන ප්‍රතිකර්මය වේගවත්. අනික ඡ්ඛ්ඊ වලින් සිද්ධ වෙන බාහිර අනතුරු අඩුයි බෙහෙත්වලට සාපේක්‍ෂව. සමහර රෝගීන් ඉන්නවා බෙහෙත් දෙන්න බෑ ඒ අයට. ඒ වගේ අවස්ථා නිසා තමයි ඡ්ඛ්ඊ ගොඩක් වැදගත් වෙන්නෙ. තවත් එකක් කියන්න අමතක වුණා. සාමාන්‍යයෙන් ඡ්ඛ්ඊ එකකට පැය 6කට කලින් රෝගියාට කෑම බීම ලබාදීම නවත්වනවා.”

සාමාන්‍යයෙන් ඔපරේෂන් එකකදී අපි කරනවා වගේ සාමාන්‍යයෙන් අපි බෙහෙත් බොන වේල් ගණනක් තියෙනවනෙ. ඒ වගේ ඡ්ඛ්ඊ ප්‍රතිකාරය ලබා දෙන්නෙ මොන විදියටද?
“මුලින්ම ඡ්ඛ්ඊ එකකින් ප්‍රතිඵලයක් ලබාගන්න නම් අවම වශයෙන් ඡ්ඛ්ඊ 3ක් වත් අල්ලන්න ඕනෙ කියන එක තමයි සම්මතය.”
එකම දවසකදී තුන් වතාවක්ද?
“නැහැ. දවස් තුනකදී තමයි ප්‍රතිකාර කරන්නේ. ඒකත් දවසක් ඇර දවසක් වගේ තමයි. කාල පරතරය කොහොම වුණත් තුන් පාරක් කරන්න ඕනෙ කියලා තමයි කියන්නෙ.”

ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
“ඔව්. මොකද වැදගත්ම දේ අපි ඡ්ඛ්ඊ දෙන්නෙ නිර්වින්දනය කරලා නිසා දවසකට එක පාරකට වඩා රෝගියෙක් නිර්වින්දනය කරන්න හොඳ නෑ. අනික මම කලින් කිවුවා වගේ අපි මේකෙන් බලාපොරොත්තු වන නියුරෝන යථා තත්ත්වයට එන්න යම්කිසි කාලයක් අවශ්‍ය කරනවා.”
උපරිම තුන්වාරයද ඡ්ඛ්ඊ කෙනකුට දෙන්නෙ?
“නෑ. තුනකින් තමයි අපි පටන් ගන්නෙ. ඒ කියන්නෙ රෝගියා ඡ්ඛ්ඊ ප්‍රතිකාරය සඳහා යොමු කළාට පස්සෙ ඔහුට ප්‍රතිකාර වට 3ක් ඉවර වුණාට පස්සෙ තමයි මනෝ වෛද්‍ය විශේෂඥයෙක් නැවැත ඔහු පරීක්‍ෂා කර බලන්නෙ.

පෙනඩෝල් පෙති දෙකක් බොන්න දීලා විනාඩි පහකින් උණ බැහැලද කියලා බැලුවට වැඩක් නෑනෙ. අඩුම ගාණෙ පැය භාගයක්වත් යන්න ඕනෙ. ඒ වගේ තමයි ඡ්ඛ්ඊ වලත් ප්‍රතිකාර වට 3කින් පස්සෙ තමයි වෛද්‍යවරයාට දැනගත හැකි ප්‍රමාණයේ වෙනසක් සිදුවිය හැක්කේ. ඊටත් වඩා ඡ්ඛ්ඊ ප්‍රතිකාරය තවදුරටත් ලබාදීම කළ යුතුද නැද්ද කියලා මනෝ වෛද්‍ය විශේෂඥවරයා තමයි නියම කරන්නෙ. බොහෝ වේලාවට ඡ්ඛ්ඊ 3කින් පස්සෙ රෝගියාගේ දියුණුවක් අපට දකින්න පුළුවන්. බබාලා හම්බ වුණාට පස්සෙ අම්මලාට ඇතිවන මානසික රෝග තත්ත්වයන් සඳහා මේ ක්‍රමය ඉතා සතුටුදායක ඉක්මන් ප්‍රතිඵල ලබා දෙනවා.”
රෝගීන්ගේ ප්‍රතිචාර කොහොමද මේ ප්‍රතිකාරය ගැන?

“ඒ ගොල්ලො දන්නෙ නෑ ඇත්තටම මොකද වෙන්නෙ කියලා. එයාල දන්නෙ මෙහෙට එන එකයි යන එකයි විතරයි. නිර්වින්දනය කාල සීමාව තුළදී අපි ප්‍රතිකාරය ලබා දෙන නිසාත් ඉන් පස්සෙ දැනෙන දේකුත් නැති නිසාත් එයාලට අවබෝධයක් නෑ මේ ගැන. මිනිසුන්ගෙ නම් දුර්මතයක් තියෙනවා කරන්ට් එක අල්ලන්න හොඳ නෑ කියලා. ඒක නොදැනුම්වත්කම පිළිබඳ ප්‍රශ්නයක්. සුදුසුකම් ඇති පුද්ගලයන් ලවා හරියට කෙරෙනවා නම් මේ ප්‍රතිකර්මය තමා වඩා පහසු හා වේගවත් ක්‍රමය.”
එක එක රෝගීන්ට දෙන කරන්ට් ප්‍රමාණයේ වෙනසක් තියෙනවද?
“අනිවාර්යයෙන්ම ඔව්. මේකෙන් ඉතාම සුළු කරන්ට් ප්‍රමාණයක් තමයි අපි රෝගියකුට සම්බන්ධ කරන්නෙ. ඒ කියන්නෙ මිලි වෝල්ට් වලටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒක අපි ගැහැනු රෝගියකුට නම් මිනි කූලන්ට් 5කින් පටන් ගන්නවා. පිරිමි රෝගියෙක් නම් 10ක් විතර. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නෙ. ඊට පස්සෙ ඒක ටික ටික වැඩි කරලා දෙනවා අවශ්‍යතාව පරිදි.”

මේකට ලොකු වෙලාවක් ගත වෙනවද?
“නෑ. ඉතා සුළු කාලයක් තමයි අපි ගන්නෙ. අපිට එන රෝගියාව නිර්වින්දන තත්ත්වයට පත් කරලා අපි ඡ්ඛ්ඊ ප්‍රතිකාරය සඳහා යොමු කරනවා. තප්පර ගාණක් වගේ පොඩි කාලයක් තමයි ඒ ප්‍රතිකාරයට ගත වෙන්නෙ. ඒකෙන් පස්සෙ නැවැත රෝගියා සිහි ගන්වලා වෝඩ් එකට යවනවා.”
කරන්ට් එක වැදුණාම ගැහෙන ගතියක් තියෙනවනෙ. මේකෙදිත් එහෙම වෙනවද?

“ඔව්. අපි රෝගියාට දෙන්න ඕනෙ ඩෝත් එකේ ප්‍රමාණයට යන්ත්‍රය සකස් කරලා රෝගියාගෙ නළලේ දෙකෙළවරට වයර් දෙකක් සම්බන්ධ කරනවා. ඒ ප්‍රදේශයට අපි කියන්නෙ ටෙම්පොරල් ඒරියා කියලා. ඊට පස්සෙ රෝගියාට දෙන්න අවශ්‍ය කරන්ට් එක රෝගියාට සම්බන්ධ වුණාට පස්සෙ යන්ත්‍රය පණිවුඩයක් නිකුත් කරනවා. එතකොට මැෂින් එක නවත්තනවා. රෝගියාට කරන්ට් එක සම්බන්ධ වුණාට පස්සෙ රෝගියාට ෆිට් එකක් එනවා. ඒකෙන් තමයි රෝගියාට ප්‍රතිකාරය සාර්ථකව ලැබුණාද කියලා තීරණය වෙන්නෙ. සාමාන්‍යයෙන් සාර්ථක ඡ්ඛ්ඊ ප්‍රතිකාරයක් වෙන්න නම් අවම වශයෙන් තප්පර 20ක ෆිට් එකක්වත් එන්න ඕනෙ. නැත්නම් ඒ දීපු කරන්ට් ප්‍රමාණය මදි. අනික ෆිට් එක මුළු ශරීරයටම එන්න ඕනෙ.

අතක් කකුලක් හරි ශරීරයේ වෙන මොකක් හරි කොටසක් විතරක් ගැහුනට වැඩක් නෑ. හොඳ ෆිට් එකක් නම් මුළු ඇඟම ගැහෙන්නත් ඕනෙ. ඇත්තටම මේ එක්කම වෙන රටවල නම් ඡ්ඡ්ට් පටියක් ගන්නවා. ඒ කියන්නෙ අපේ රටේ පපුව සම්බන්ධයෙන් ගන්න. ඡ්ඛ්ට් පටි ඒ වගේ එකක්. ඒකෙන් පෙන්නන්නෙ මොළේ ක්‍රියාකාරිත්වය. මොකද සමහර රෝගීන්ට ඡ්ඛ්ඊ දුන්නාම ශරීරයට ෆිට් එක නාවට මොළේට ෆිට් එක එනවා. අන්න ඒ වගේ තැනකදී අපිට හරිම වැදගත් ඡ්ඡ්ට් එකක් ගන්න එක. අපිට ඒ පහසුකම තිබුණ වුණත් සියලුම ඡ්ඛ්ඊ සඳහා ඡ්ඡ්ට් පටි ගන්න තරම් වියදමක් දරන්න අමාරුයි. ඒ නිසා අවශ්‍ය රෝගීන්ගේ පමණක් ඡ්ඡ්ට් ලබාගන්න අපි කටයුතු කරනවා.”

ඡ්ඛ්ඊ වලින් විතරක්, ඒ කියන්නෙ බෙහෙත් නොදී මානසික රෝග සුව කරන්න පුළුවන්කමක් තියෙනවද?
“නැහැ. අනිවාර්යයෙන්ම බෙහෙත් පාවිච්චි කරන්න වෙනවාමයි. ඡ්ඛ්ඊ වලින් ප්‍රතිකාරය වේගවත් කරවන්න පුළුවන් වගේ ප්‍රතිකාර සඳහා සහායවීමක් තමයි කෙරෙන්නෙ. සම්පූර්ණ සුවවීමක් සඳහා ඡ්ඛ්ඊ ප්‍රතිකර්මය පමණක් ප්‍රමාණවත් නෑ. උණක් හෙම්බිරිස්සාවක් වගේ බෝවන ලෙඩක්, ඩෙංගු වගේ මාරාන්තික ලෙඩක්, දියවැඩියාව, ප්‍රෙෂර් වගේ බෝ නොවන ලෙඩක් හැදුණ කෙනකුට ඒ ඒ අසනීපවලට ප්‍රතිකාර කරගන්න ඕනෙ කියන වැටහීමක් තියෙනවා. ඒත් එවැනි වැටහීමක් පුද්ගලයකුට ලබා දෙන “මනස” රෝගී වූ අයකුට එබඳු වුවමනාවක්වත් දැනීමක්වත් ඇති වෙන්නෙ නෑ. කොටින්ම තමන් රෝගියෙක්ද කියලවත් ඒ අය දන්නෙ නෑ.”
බොහෝ මිනිසුන්ගෙ මනස අවුල් වෙන්නෙ හදවතේ බර වැඩි වුණහම. දරාගන්න බැරි වේදනාවක්, පහ කරගන්න බැරි තරහක්, විඳවාගන්න බැරි කඩා වැටීමක් ඇති වුණ හැම වේලාවකම “පිස්සු වගේ” කියලා දැනුණ අවස්ථා මට මෙන්ම ඔබටත් ඕනෑ තරම් ඇති. පොඩ්ඩක් හිතන්න පැයක දෙකක එහෙමත් නැත්නම් දවස් කීපයක් එහෙම හැඟීමක් ඇතිව අපි ජීවත් වෙන හැටි. ඉතින් ඒ වගේ මානසික තත්ත්වයක් දීර්ඝකාලීනව පවතින පුද්ගලයෙක් කොයි තරම් විඳවනවා ඇත්ද? ඒ වෙනුවෙන් අපට කළ හැක්කේ අනුකම්පා කිරීම පමණක්ද?

කතාව-ඉරෝමි හේවමල්ලිකාරච්චි

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!