”මොකක්ද ඔය නෙලුම් කුළුණ..ඕක හොදයි බිමට පැනලා මැරෙන්න”-ටිල්වින්

”මොකක්ද ඔය නෙලුම් කුළුණ..ඕක හොදයි බිමට පැනලා මැරෙන්න”-ටිල්වින්

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ නගරය මැදඉදිවන නෙළුම් කුලුන පැනලා මැරෙන්න හොද බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඌව පරණගම ප්‍රදේශයේදී ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
‘ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිවුවට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න.
අපිට රූපවාහිනියේ විවිධ දේවල් පේනවා. අධිවේගී මාර්ග හැදුවා කියනවා. ගුවන් පාලම් විවෘත කරනවා. නෙළුම් පොකුණු තියනවා. නෙළුම් කුලුනු තියනවා. ඔය නෙළුම් කුලුන ලංකාවේ තියන උසම කුලුන. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කරකෙනවලු. කුලුනට නඟලා ඒ හෝටලයට ගිහිල්ලා තේ කෝප්පයක් අරගෙන මෙසේ වාඩි වෙලා ඒක බොන ගමන් එක වටයක් කැරකෙන කොට මුළු කොළඹම බලන්න පුළුවන්.
දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට.
අපිට ජීවත් වෙන්න වෙලාවට වගාවන්ට වතුර ටික නැහැ. වෙලාවට පොහොර ටික නැහැ. අස්වැන්නට මිලක් නැහැ. රස්සාවක් නැහැ. ඉඩමක් නැහැ’

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!