මෛත්‍රී ගේ කුජ නීචයි… ඒ නිසා කතරගම දෙවියෝ තරහයි… ජය ගැනීම් බොරු ලු….

Spread the love
  •  
  •  
  •  
  •  

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රය අනුව අඟහරු ඉන්නේ දහයේ. අඟහරු කේන්ද්‍ර යේ දැන් නීච වෙලා. ඒ නිසා කතරගම දෙවියෝ අමනාපයි. ඒ නිසා මේ මැතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජයගත නොහැකි බවත්, අවසානයේ ලේ හලා ගන්නා තත්ත්වයක් උදා වී විශාල මැතිවරණ පරාජයකට ඔහුට මුහුණ පෑමට සිදු වන්නේ යයි ප්‍රවීණ ‍ෙජ්‍යාතිෂවේදී මාපලගම විමලරත්න මහතා පවසයි.  විමලරත්න මහතා මෙසේද කියයි.

මේ සෙනසුරු ඒරාෂ්ටකය නිසා මෛත්‍රිපාල සිරිසේන මහතාට නින්දා අපහාස මිසක් කිසිදු ජයක් ලබා ගන්න බැහැ. එතුමා පෙනී සිටින්නේද එජාපයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමටයි. ඔහුගේ අනාගත දේශපාලනය මුළු මනින්ම විනාශ වන බව ජෝතිෂය අනුව කිව හැකියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෙනසුරු ඒරාෂ්ඨකය ඉවරයි. ඒ නිසා මැතිවරණය ජයග්‍රහණය කිරීමට එතුමාට කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තියනවා. සෙනසුරු ඒරාෂ්ටකය අවසන් වී ඇති නිසා ජනාධිපතිතුමා ඒකාන්තයෙන්ම ජයග්‍රහණය ලබා ගන්නා බවද විමලරත්න මහතා පවසයි

තමා නිවරුදි අනාවැකිය කියනවා . 1977 සිටම ඒවා නිවැරදිව පවසා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා තුලා ලග්නයේ. 2004 මැයි සිට එතුමාට තිබෙන්නේ සෙනසුරු ඒරාෂ්ඨකයයි. එතුමාට සිංහාසන යෝගයක් නෑ. සිංහාසන යෝගයක් නැතිව එතුමාට මේ රටේ රජ වෙන්න බෑ. එතුමා පිරිපුන් මිනිසෙක් ගුණවත් මිනිසෙක්. සුන්දර මිනිසෙක්.

යම් තරඟයක් මේ ජනාධිපතිවරණයේ දී එතුමා ලබා දෙනවා. නමුත් පරාජයට පත් වෙනවා. මෙතුමාට මේ රටේ රජවෙන්න බෑ. එතුමාගේ කුජ නීචයි. සෙනෙසුරු මහා දසාව තියනවා. එතුමාට සියලුම බල වේග එතුමා හැර යනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට ශාරිරික වද හිංසාවලට මෙන්ම මානසික වද වේදනාවලටද ලක් වෙන්නට සිදු වෙනවා.
[sexypoll id=”9″]
සරත් ෆොන්සේකා මහතාද තුලා ලග්නයේ. එතුමාට ද මේ රටේ රජවෙන්න බැරි උනා. ශ‍්‍රී ලංකා නිදිහස් පක්ෂයේ මහ ලේකම් හා ග‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අතර මේ වර ජනාධිපති වරණය තියෙන්නේ . කොහොමත් වැඩිම වැඩි ජන්ද ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාප හෝ ශ‍්‍රීලනිප ජන්ද ලැබෙන්නේ නැ. මොකද එජාපයේ කෙනෙක් නොවන නිසා. මේ රටේ බහුතර ජනතාව සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟයි.

ඒ නිසා නියත වශයෙන්ම දිනන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නේ රනිල් විධායක බලතල ඇති ව කටයුතු කරන්න හැකි රනිල් බලයට ගෙන එන කොන්ත්‍රාත්තුවක් මෙය වැරදියි. කොන්ත්‍රාත්කරුවන්ට මේ රටේ බලය දෙන්න මහජනතාව සුදානම් නෑ. මෙතුමාගේ ජන්ම පත්‍රය අනුව, සුළු ජාතිකයන්ගේද සහයෝගය මේ තුමාට ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ ආකාරයට පරාජයට පත් වෙනවා. මහින්ද රාජපක්ෂ නායකයා නැති උනොත් මේ රටේ යළිත් කොටි යුද්ධය ආරම්භ වෙනවා. ජාතික ආරක්ෂාව නැති වෙනවා. රට සංවර්නයට මෙය ඉතාම භියංකර අහිතකර දෙයක්. ඒ නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ මැතිවරණයේ දී පරාජයට පත් වෙනවා. යම් සංවිධාත්මක පිරිසක් මිතුරන් පිරිසක් මේතුමා අමාරුවේ දමා තිබෙනවා.

ලංකාවේ දේශපාලන කලබලවලට හේතුව හේතුව හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා විසින් දුන් නියෝගයක් නිසා. මෙතුමා කීවා යම් පක්ෂයක පක්ෂ මන්ත‍්‍රීවරයෙක් පක්ෂය මාරුකරගෙන විපක්ෂයට හෝ ආණ්ඩු පක්ෂයට හෝ ගියයොත් ඔහුගේ හෝ ඇයගේ හෝ මන්ත‍්‍රී ආසනය අහෝසි වන්නේ නෑ කියලා. මේය තමයි මේ රටේ අදවන විට මේ දේශපාලන හැළ හැප්පිළිවලට හේතුභූත වෙලා තියෙන්නේ. ඔහු කීවා තුන්වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ කියලා කීවා නමුත්, වාසනාවට මෙන්,අධිකරණයෙන් එය ජනාධිපති තුමාට ලබා දුන්නා තෙවන වරත් ඒ හැකියාව තිබෙන බවට.

අපේ රටේ සමහර සිංහලයන් හා යම් බලවේගයන් සිටිනවා මේ රටේ ජනදිවිය අඩාල කරන්නට පිටරට මුදල් අරගෙන කටයුතු කරනවා. මෙය මහා භයානකයි. මේ නිසා මේ රටේ ජනතාව මේ සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටින්නට කියලා මම මේ මොහොතේ ජනතාවට කියා සිටිනවා.

දිනමිණ

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!