“මේ රට සිංහලයාගේ නෙමෙයි කියපු විජේදාසට මම අභියෝග කරනවා”- මැදගොඩ අභයතිස්‌ස හිමි

“මේ රට සිංහලයාගේ නෙමෙයි කියපු විජේදාසට මම අභියෝග කරනවා”- මැදගොඩ අභයතිස්‌ස හිමි

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය දිනක විද්යුත් හා සමාජ නාලිකාවන්හි ප්‍රචාරය වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “මේ රට සිංහල රට කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න” යනුවෙන් විජයදාස රාජපක්‍ෂ මහතා පවසා ඇති බවත් එම ප්‍රකාශය පිළිබඳව තම සංවේගය පළකරන බවත් පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.
මේ පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් උන්වහන්සේ මෙසේ සඳහන් කළහ. විජයදාස රාජපක්‍ෂ මහතා කර ඇති ඉහත ප්‍රකාශය ශ්‍රී ලාංකීය සිංහල ජන වර්ගයට කළ අපහාසයක්‌ ලෙසයි මා දකින්නේ. මේ මතය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මෙවැනි අදහස්‌ සමාජගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි බෙදුම්වාදය ශක්‌තිමත් වීම සැලකිල්ලට ගෙන මෙය සිංහල දේශය බව අවබෝධකර දෙන්න කැමතියි. ඒ සඳහා ඕනෑම නාලිකාවක සිට විවෘත සංවාදයක යෙදීමට මා විජයදාස රාජපක්‍ෂ මහතාට ඉතා ඕනෑකමින් ආරාධනය කරනවා. එසේ නොමැති නම් ඉහත ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් එතුමා සමස්‌ත සිංහල ජාතියෙන් සමාව ගතයුතු යෑයිද ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.

(Visited 77 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!